"වාඩිවෙන්න ඇමතිතුමා.වාඩිවෙන්න පුතා"

දෙදෙනා සෙටියෙන් වාඩි වෙද්දී ජයසිංහ බැලුවේ ඔවුන් අසළට ආ දේහදාරී තරුණයා දිහා.

"මේ...සූරියබණ්ඩාරගේ පොඩි පුතා නේද?"

ඔහු අසද්දී ගිරිරාජ් බැලුවේ කේශව දෙස.ඒ ක්ශණයෙන් දෙදෙනා නෙත් වලින් සංඥා කරගත්තේ පරිස්සමින් කතා කළ යුතු බව අඟවමින්.

"ඔව් ඇමතිතුමා..මේ පොඩි පුතා කේශව"

සුහදව සිනාසුනු කේශව ඇමතිතුමා වෙත ගොස් අතට අත දුන්නේ රදීශ දෙසටත් හැරෙමින්.

"නයිස් ටු මීට් යූ මිස්ටර් රදීශ"

කේශව ඔහුට අතට අත දුන්නේ කාටවත් නොපෙනෙන විදියේ තරවටුවක් දෙනෙත් වලින් කරමින්.පිරිමින්ගේ ඉඟි ඉතින් වැටහෙන්නේ පිරිමින්ටමයි.කේශවගේ හැඩි දැඩි අතේ ග්‍රහණය වගේම දෙනෙත් වල තිබූ ඍජු බැල්ම රදීශට හොඳටම වැටහුණා.ඔහු නහරකාරයෙක් බව විතරක් නෙමේ ඕනම වෙලාවක තම නැඟණිය වෙනුවෙන් තරාතිරම නොබලා පෙරමුණ ගන්න බව රදීශට වැටහී අවසන්.ඔවුන් දිහා බිත්තියට මුවා වී බලන් උන් චාන්‍යායි අහිංසායි හයියෙන් හුස්මක්වත් ගත්තෙ නැත්තේ දෙදෙනාගේ අවධානය ඔවුන් වෙත ලැබෙයි කියලා බයෙන් වගේ.

"පුතා කෙරුව වැඩේ ගැන ඇත්තටම සමාවෙන්න සූරියබණ්ඩාර.මම කිසිම විදියකින් ඒ කෙරුව දේ අගය කරන්නෙ නෑ.ඒ වගේම ගොඩක් ස්තූතියි මේ දේ දුරදිග නොයවා නතර කෙරෙව්වට"

රූපවාහිනියෙන් දකින චරිතයට වඩා මේ දිගාරින චරිතය ගොඩක් වෙනස් නේද කියලා අහිංසාට හිතුනා.ඒත් කිසිම ප්‍රසන්න හැඟීමක් අහිංසාට දැනුනේ නෑ.ඇයට මේක තවත් රඟපෑමක් විතරයි.

"වැරැද්දක් කළා නම් දඬුවමක් තියෙනවාමයි ඇමතිතුමා.ඒත් මං මේ දේ දුරදිග ගෙනිච්චෙ නැත්තේ දුව ගැන හිතලා..එයා ඒ වගේ චරිත එක්ක හැප්පෙන්න තරම් හිත හයිය කෙනෙක් නෙමේ"

ගිරිරාජ්ගේ ඍජු කතා විලාසයට ජයසිංහගේ මුවේ ඇදුනේ සිහින් සිනාවක්.ඔහු දේශපාලනය සම්බන්ධයෙන් දරන මතය ගැන ජයසිංහට පුදුමයක් නෑ.ඔහුගේ විදිය ජයසිංහ හොඳටම දන්නවා.මේ දැනුත් ගරු නම්බු දී කතා කරන්නේ ඔහුගේ ඇමති තනතුර ගැන සිතා මිසක් එසේ නොවුනා නම් රදීශට දඬුවම් නොකර නම් ගිරිරාජ් නතර වෙන්නෙ නෑ.රදීශට නම් ගිරිරාජ්ගේ කතා විලාසයට දැනුණේ කේන්තියක්.නිවසටම ඇවිත් බලෙන් කනට පාරක් ගහගත්තා වගේ හැඟීමක් දැනෙද්දී ඔහු උන්නේ හොරෙන් සිය පියාට රවමින්.ගිරිරාජ් මේ නොකියා කිව්වේ මේ ගැටලුව දුරදිග ගෙනිච්චා නම් තම දේශපාලන බලය පෙන්වා දෙවරක් නොහිතා අහිංසාට කරදර කරන බව ඇමති පිය පුතු දෙපළටම තේරුනා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now