"නංගී..මොකද අඬන්නේ?මොකද උනේ ආ?"

ඔහු සද්දෙන් අහද්දි චාන්‍යාත් ඔහු අසලට ආවේ කරමින් උන්නු වැඩේ නතර කරලා.

"අ..අයියේ...අනේ..එන්නකෝ.කාර්..එක....
හැප්පුනා.මං..මං...අද තනියම..ආවේ.එන්නකෝ..."

ඇයට මේ වෙලාවේ ඉන්න එකම පිහිට කේශව.මොකද නගරයට ආසන්නයෙන්ම ඉන්නෙ ඔහු නිසා.

"මොකක්??තමුසෙ කොහෙද ඉන්නෙ කියනවා??තමුසෙට තුවාල නෑනේ??කතා කරනවා අහිංසා මාව බය නොකර"

කේශව හයියෙන් කියද්දී චාන්‍යා ඔහුගේ අතක එල්ලුනේ ඔහු හැසිරෙන විලාසයෙන් අහිංසාට කරදරයක් වෙලා කියලා වැටහිලා.

"ටවුන් එකේ ඉඳලා..මහ දුරක්..ආවේ නෑ.අනේ ඉක්මනට එන්න.මට බයයි ගොඩක්.එක මනුස්සයෙක් ඇවිල්ලා..මට හොඳටම කෑ ගැහුවා.."

"හරි..මං ඉක්මනට එන්නම්..කාර් එක ඇතුළට වෙලාම ඉන්නවා හොඳද?කා එක්කවත් කතාවට යන්නෙ නෑ...මං ඉක්මනට එනවා"

කේශව ඇමතුම විසන්ධි කරද්දී චාන්‍යා බැලුවේ ඔහුගේ මුහුණ දිහා.

"නංගි කාර් එක වද්දගෙන.අද තනියම ගිහින් තියෙන්නේ.."

"අනේ දෙයියනේ..තුවාල වෙලා නෑ නේද?"

"නෑ වගේ.හැබැයි බය වෙලා...මං ඉක්මනට යන්නම්.ඔයා අයියා එක්ක නිවාඩුව එන්න"

කේශව කාර් කී එකත් අරන් එළියට වේගයෙන් යද්දි චාන්‍යා පපුවට අත තියාගත්තේ බයෙන්.

"අනේ..ඔයා මේ වැස්සේ පරිස්සමින්"

ඒත් ඒ ටික අහගන්න කේශව උන්නෙ නෑ.ඔහු වේගයෙන් එළියට ගියේ ගිරිරාජ්ට ඇමතුමක් ගන්න ගමන්.

කඳුලු වගුරවමින් දෑත් වෙව්ලමින් මූණත් වහගෙන අඬන අහිංසා උන්නේ දරාගන්න බැරි පීඩනේක.අර තරුණයා නිතරම වාහනයේ ශටරයට වේගයෙන් ගහන්නේ ඇය බියෙන් මුලු ගැන්වෙද්දී.වැරැද්ද ඔහුගේ අත බව හොඳටම දන්නවා උනත් බය වෙච්ච පාරට තනි ඇයට ඔහු එක්ක හැප්පෙන්න හයියක් තිබ්බෙ නෑ.ඒ අස්සෙන් හිසෙන් එන වේදනාවට සිහිය නැති වෙන්න යනවා වගේ දැනුණත් ඇය උන්නේ ආයාසයෙන් දරාගෙන.පාර අවහිර වෙලා තිබුනු නිසා පිටුපස වාහන එක දිගට නාද කරන හෝන් වල හඬ පවා ඇගේ හිසරදය දෙගුණ කළා.එක්වරම අර තරුණයා නිහඬ වූයේ අහිංසාගේ මනසට සහනයක් දෙද්දී.නමුත් ඔහු කිසිවෙකු හෝ උස් හඬින් කතා බහක නියැලෙන බව අහිංසා දැක්කේ අඩමානෙට.වතුර බිඳු වලට අපැහැදිලි වුනු ශටරය දෙසට නැමී බලද්දී ඇය සාරංගගේ මුහුණ දැක්කේ අහම්බෙන් වගේ.නිවන් දැක්කා වගේ හැඟීමක් එද්දී අහිංසා දොර විවර කලේ හිසින් ආ වේදනාවද මොහොතකට අමතක කරලා.

සන්තානේ - දෙහදක් 2حيث تعيش القصص. اكتشف الآن