"කේශවයෝ..."

ඇතුළෙන් ප්‍රතිචාරයක් නැති තැන සාරංග කෑ ගැහුවේ උස් හඬින්.

"ටිකක් ඉඳහන් බං..හෙලුවෙන් එන්නද කියන්නේ?"

කේශව කෑ ගහලා කියද්දී මෙච්චර වෙලා ගේ පුරා දෙනෙත් යැවූ මුතූත් ඒ දිහා හැරිලා බැලුවා.සාරංගත් මුතූ දිහා බලලා හිනා උනේ ගණන් ගන්න එපා කියලා කියන්න වගේ.කේශව එළියට ආවේ තුවායෙන් කොණ්ඩය පිහ දමමින්.ඔහු මේ වෙලාවේ සාරංගව බලාපොරොත්තු උනේ නෑ.

"මොකද මේ වෙලාවේ??ඩීසන්ට් පිට ඇඳන් ඉන්නේ හෝම් කමින් එකක්ද අද?"

"නෑ බං..වෙඩින් එකක් ඉවර වෙලා එන ගමන්.මුතූව එක්කන් ආවා අද මෙහෙ"

කේශව මුතූව දැක්කේ ඒ වෙලාවෙයි.කේශ් ඇය දිහා බලද්දී මුතූ හිනා උනේ අඩමානෙට.කේශවව දැකලා කවදාවත් නැතිව ඇයට පොඩි බයක් දැනුණා.අහිංසා කේශව ගැන කියන දේවල් නිසා මුතූගේ මනසේ කේශවව මැවිලා තිබුණේ ටිකක් දරදඬු චරිතයක් විදියට.ඒ පෞරශයටම ගැලපෙන මුහුණ හා කටහඬ ඇසෙද්දී මුතූ ඇත්තටම උන්නේ බය වෙලා.ඔහුව දැක්ක පළවෙනි දවසෙවත් එහෙම බයක් ඇයට දැනිලා නෑ.ඒත් ඒ හැම බයක්ම හිරු දුටු පිණි වගේ නැතිව ගියේ කේශව පෙරලා සුහදව සිනාසෙද්දීයි.

"ඒ මොකෝ අද මෙහේ??"

"මේ...අද මෙහෙ නතර කරන්න බැලුවේ"

සාරංග කිව්වේ නිකටත් කසමින්.කිසිදෙයක් නොතේරුනු කේශව පුදුමයෙන් සාරංග දිහා බලද්දී සාරංග ළං උනේ මුතූ ගාවට.

"අහිංසා ඉන්නේ උඩ තට්ටුවේ පඩි පෙළ ගාවම කාමරේ.මෙලහකට ඇවිත් දපණෙ දාලා ඇඳේ සැතපිලා ඇති.බය නැතිව ගිහින් කතා කරන්න"

මුතූගේ හිස අතගාමින් සාරංග කියද්දී ඇය බැලුවේ කේශව දිහා.ඇය ඉන්නේ නොසන්සුන්ව කියලා කේශවට හොඳටම තේරුනේ ඒ ඇස් දිහා බලද්දී.

"යන්න නංගී..ඔයා ආවා කියලා දන්නවා නම් එයාම දුවගෙන එන්නේ.මෙලහකට නිදි ඇති.."

කේශව සුහදව කතා කරද්දී හිස සලා මුතූ පඩිපෙල නඟින්නට උනා.ඇය යන දිහා සාරංගයි කේශවයි මොහොතක් යනකන් බලන් උන්නා.සාරංග එහෙමම ඉද්දී කේශව හැරුනේ සාරංග දිහාවට.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now