"මම විහිලුවට කිව්වේ මෝඩි..තමුසෙව දාලා මං කොහෙ යන්නද??දරුවො බලලා මුණුපුරොත් බලලා තමා මං ඔයා එක්ක යන්නේ..."

කේශව කිව්වේ ඇගේ මුහුණම දෝතට අරගෙන.බෙරි වෙලා තිබ්බ ඇගේ මුහුණ එළිය වැටුනේ බලන් ඉන්නැද්දි.

"දැන් තරහා නෑ නේද?"

"තරහා වෙලා උන්නම කොහොමද දරු මුණුපුරෝ හදාගන්නේ?"

කේශව ඇගේ කම්මුලක් මිරිකද්දී චාන්‍යා හිනාවෙන්ම ඔහුගේ පපුවට පාරක් ගහලා ඔහුට තුරුලු උනා.

"කපටියා..අන්තිමට මාව යාලු කරගන්න ඇවිත් මාවම පස්සෙන් ගෙන්න ගන්න සැලැස්සුවා නේද?"

"කොල්ලා වැඩ්ඩනේ"

හිතේ තිබ්බ තරහා චාන්‍යාට ඊටත් පස්සේ මතකෙට නාව තරම්.කේශවගේ මූණ දිහා බලද්දී ඔහු උන්නේ හොර හිනාවක් දාගෙන.දෙන්නටම හයියෙන් හිනා ගියේ එකපාරටම.ඔක්කොම නොහොඳ නෝක්කාඩු නැති වෙලා ගියේ දෙන්නගෙම හිත් සැහැල්ලු වෙමින්.

.....💜....... R I T H U S A K U R A .......💜️......

එළි වෙනකන් කල්පනා ලෝකෙක උන්නු තිහස්ට නින්ද ගියේ ගොඩක් පාන්දර.ඔහුට පහුවදා ඇහැරුනේත් දවල් වෙලා.ඒ අතරේ ඔහුට කවුරුත්ම බාධා කළේ නෑ.උදේ දහයට විතර ඇහුරුනු තිහස් උන්නේ ඇඳෙන් ඇලවෙලා සිවිලිම දිහාට නෙත් රඳවගෙන.පෙර දිනයේ ගෙදර ගිය ගමන්ම වසන්ත හැමදේම කියද්දි මේඛලා දුකෙන් බලන් උන්නු හැටි තිහස් දැක්කේ හිතට කලකිරීමක් දැනෙද්දී.නමුත් ඔහුට සිය මවගේ කඳුලු ඉස්සරහා දුකක් දැනුනේ නෑ.මුතූව ඔහුගෙන් අයින් කළේ මේඛලා කියන කාරණය ඔහුට අමතක කරන්න බෑ.තිහස් තම මවට කෙතරම් ආදරය කළත්,මුතූව අත ඇරියේ ඇය නිසා වූවත් දැන් තිහස්ගේ ඔලුවේ වැඩ කරන්නේ එන්න කළින් ගිරිරාජ් කිව්ව දේ විතරයි.මුතූව අතඇරපු කාරණාව වසන්ත ගිරිරාජ් එක්ක කියලා තියෙන බව දැන් ඔහුට සීයට සීයක් විශ්වාසයි.

"ඔයාව මම හොයාගන්නවමයි පණ...ඔයාගේ පරණ තිහස්ම වෙලා මං ඔයා ළඟට එනවා"

ඔහු තමන්ටම මුමුණ ගත්තේ දෙනෙත් පියාගෙන මුතූව මතක් කරන ගමන්.අහිංසා එක්ක තරහ පිරිමහන්න කෙරුව දේ ගැන ඒ වෙද්දි නම් ඔහු ඇත්තටම පසුතැවුනා.හිතට ආවේගයක් ආවම මනුස්සයෙක් කොච්චර නම් මෝඩ වෙන්න පුළුවන්ද?තිහස්ටත් උනේ ඒ දේ.ගිරිරාජ් අසනීප වෙන්න ඔහු කාරණාවක් වුනා කියලා හිතෙන වාරයක් ගානේ ඔහුට දැනුනෙ ඔහු ගැනම කළකිරීමක්.ලොකු හුස්මක් අරන් තිහස් ඇඳෙන් බැස්සේ තමන්ව ආයේ පරණ තිහස් විදියට වෙනස් කරගන්න කාලේ ඇවිත් කියලා තේරුම් අරගෙන.සෑහෙන වෙලාව අරගෙන ෆ්‍රෙශ් වෙලා ආව තිහස්ට දැනුනේ එසේ මෙසේ බඩගින්නක් නෙමේ.වෙනදට බණ්ඩාගෙන් ගේන කිරි වීදුරුවවත් කාමරේ තිබ්බෙ නෑ.මේ සේරම වසන්තගේ දඬුවම් කියලා තිහස් දන්නවා උනත් ඔහු ඒ හැමදේම ඉවසගත්තේ වරද ඇත්තටම ඔහුගේ නිසා.සාලෙට යද්දි වසන්ත උන්නේ තමාලිගෙ පොඩි පුතාව හරහට වඩාගෙන නිදි කරවමින්.තමාලිත් සෙටියේ ඔලුව තියන් නිදි කිර කිර ඉද්දි තිහස්ට තේරුනා ඇය මුලු රෑම නිදි මරලා කියලා.කුස්සියේ ඉඳන් ආව මේඛලාගේ අතේ තිබ්බේ කිරි වීදුරුවක්.ඇය ඒක තමාලිට දෙද්දිමයි තිහස් ඔවුන්ගේ ඇස් මානෙට ආවේ.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now