"බණ්ඩා.තාම නිදි නැද්ද?"

"මං පුතා එනකන් උන්නේ පුතේ"

"හ්ම්ම්..හදිසියේවත් තාත්තා ගත්තොත් මං කියලා දුන්නු විදියට කියන්න.මං නිදන්න යනවා.ආ...බණ්ඩා..."

කාමරේට හැරිලා යන්නත් හදලා තිහස් ආයෙමත් නතර උනා.

"ඇයි පුතේ?"

"මට බණ්ඩා මාමගෙ ෆෝන් එක විනාඩියකට දෙන්නකෝ.මගෙ ෆෝන් එකේ අවුලක්.හදිසි කෝල් එකක් ගන්න ඕනේ"

බණ්ඩාට සැකයක් හිතුනේ නෑ.ඇඳ සිටි පරණ කමිසයේ සාක්කුවක දමාගෙන සිටි චූටි නොකියා ෆෝන් එක බණ්ඩා තිහස්ට දික්කළේ අහිතක් නොහිතාමයි.

"මං ටක් ගාලා ගෙනත් දෙන්නම්"

"අනේ හදිස්සියක් නෑ.මට ඉතින් මේ රෑ කවුරු කතා කරන්නද?හෙට උදේට දෙන්නකෝ"

එහෙම කිව්ව බණ්ඩා ගෙවල් දොරවල් වහන්න සූදානම් වෙද්දි තිහස් කටකොනකින් හිනා වෙලා කාමරේට ආවේ ජයග්‍රාහී හිනාවක්ද සමඟින්.

.....💜....... R I T H U S A K U R A .......💜️......

"කේශව...චාන්‍යා දුව..මේ දොර ටිකක් අරින්න"

උදේ පාන්දරම දොරට ගහන හඬකින් උඩ ගිහින් වගේ ඇහැරුණු කේශව ඇස් දෙක ඇරියේ අමාරුවෙන්.

"කේශව...පුතා"

නිදිමතේම කේශව කන් දීගෙන උන්නේ ඒ හඬ කාගෙද කියලා.ඒ හඬ ගිරිරාජ්ගේ කියලා දැනගත්ත කේශව ඇඟමැලි කඩලා නැඟිට්ටේ ඔහුගේ ඉණ වටා අත දාගෙන ඉන්න චාන්‍යාගේ අත ඉවතට කරලා.තාම කාමරය තියෙන්නේ අඳුරේ.මේ පාන්දර ගිරිරාජ් කතා කරන්නේ ඇයි කියලා බලන්න ඔහු ටක් ගාලා ගිහින් කාමරේ දොර ඇරියා.

"අප්පච්චී..ඇයි මේ වෙලාවේ?"

කේශවගේ හඬ නිදිමතෙන් බර වෙලා තිබ්බත් ගිරිරාජ්ගේ මුහුණේ කවදාවත් නැතිව තියෙන කණස්සල්ල ඔහුට පැහැදිලිවම පෙනුනා.

"අහිංසා තාම ගෙදර ආවේ නෑ නේද?දැන් පාන්දර තුනටත් කිට්ටුයි.මටත් බේත් සැරට නින්ද ගියා හොඳටම"

හැම තිස්සෙම තේජමානව වැජඹෙන ගිරිරාජ්ගේ හඬේ තියෙන සියුම් බය කේශවටත් දැනුණා.අහිංසා කවදාවත් මෙතරම් රෑ වෙනකන් තනියම ගෙයින් පිට ඉඳලා නෑ.ඉඳල ඉඳලා ගිරිරාජ්ගෙන් අවසර අරගෙන අහිංසා ගිය ගමන ගැන ගිරිරාජ්ට දැනුණේ බයක්.

සන්තානේ - දෙහදක් 2जहाँ कहानियाँ रहती हैं। अभी खोजें