"ඔයාගේ නිකී අයියා ඊට වඩා දෙයක් කිව්වේ නැද්ද?"

අහිංසා ඇහුවේ මුතූ තවත් ඒ ගැන කියවද්දි හිතේ රිදුම වැඩි වෙන නිසා.

"අනේ ඒ බූරුවා මට කිව්ව එකක් නෑ.ලොකු අම්මා අපේ අම්මාට කෝල් කරපු වෙලාවක මම දන්නේ.අම්මා තමා කිව්වේ ඔයාලා රෑ ඩිනර් එකකට ආවා කියලා.අපරාදේ.මටත් කිව්වා නම් එනවනේ..එහෙනම් මං ලොකු අම්මාගේ ඔලුවට පොඩ්ඩක් ඔයා ගැන දාලා එයාව කරකෝලා අතෑරලා එනවා.චාන්ස් එක මිස් උනානේ.බලන්නකෝ"

මුතූ ඇස් නටව නටව කියවද්දී අහිංසාට ඒ මූණ මැවිලා පෙනුනා.සාරංග පෙරදා රැයේ වෙච්ච දේවල් මුතූ එක්ක නොකිව්ව හේතුව අහිංසාට තේරුනේ නෑ.සමහරවිට ඒ ගැන කතා කරන්න ගියොත් ශාදි ගැනත් කියන්න වෙන නිසා ඔහු කට පියන් ඉන්න ඇති.ශාදි ගැන හිතලා හිත රිදව ගත්තට ඔහු ඒ කසාඳෙට අකැමති තරම අහිංසාට ඊයේ හොඳටම තේරුනා.ඇයට තේරෙන්නේ නෑ ඒ හැමදෙයක්ම දැන දැනත් ඔහුට රිද්දන්න දේවල් කරන්න හිත මෙච්චර පෙළඹෙන්නේ ඇයි කියලා.සාරංගගේ බැල්මේ අමුතු හැඟීමක් අහිංසා දැක්කත් ඔහු මේ ගෙවන නිහඬ පිළිවෙත ඇයට රිස්සුවේ නෑ.

"පිස්සුද මුතුවෝ?නොවිච්ච දේවල්,කවදාවත් වෙන්නෙ නැති දේවල් කාගෙවත් ඔලුවලට දාන්න එපා.සාරංග කියන්නේ මට මගේ තුන් වෙනි අයියා.හොඳ පැටියා වගේ ස්ටූඩියෝ එකේ එක්ස්ට්‍රා කී එකක් තියලා ඇති.ඒක ඉල්ලගෙන ඔයා සැලෝන් එකට ගිහින් බුදු පහන තියන්න.මං පැය භාගෙන් එන්නම්"

අහිංසා එහෙම කියලා ෆෝන් එක කට් කරද්දි මුතූට දැනුණේ දුකක්.ආදරයක් අහිමි වීම තරම්ම තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට හිමි වෙනවා දකින එකත් කොච්චර වේදනාවක්ද කියලා මුතූට හිතුනා.විරහ වේදනාවේ තරම දන්න නිසාම මුතූට අහිංසාගේ වේදනාව තමන්ට උනා වගේ දැනුණේ.සැලෝන් එකේ අමතර යතුර තියෙන තැනින් ඉල්ලගද්දිවත් සාරංගගෙ වැඩි කතා බහක් නෑ.රෑ ඩිනර් එකේදි මොනා හරි උනාද අහන්නත් හිතිලා මුතූ සද්ද නැතිවම සැලෝන් එකට ගියා.

.....💜....... R I T H U S A K U R A .......💜️......

අහිංසා ඉක්මනට ඇඳගෙන පහළට යද්දී කට්ටියම උදේ කෑම කාලා ඉවරවෙලා තුශාරි කෑම මේසෙත් අස් කරනවා.ගිරිරාජ් පේන්නත් නෑ.කොහොමත් වෙලාවට කෑමට නාවොත් දඬුවමේ තරම දන්න නිසා අහිංසා මුකුත් නොකියාම එළියට යන්නයි හැදුවේ.පියල්ව වත්තේවත් ඉන්නවද කියලා එබිකම් කරල බලද්දි ඇගේ උරපත්තට කවුරුන් හෝ තට්ටු කරනවා ඇයට දැනුණා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now