"ඉතින් කෙලින්ම යාලුවන්ට කියනවකෝ කෙල්ලෙක් නෑ කියලා.ඒක ලේසි නැද්ද මීට වඩා?"

තිහස්ට හිතුනෙම අහිංසාගෙ බෙල්ල මිරිකන්න.ඒ තරම් කේන්තියි.ඒත් අහිංසාගේ හිත උණු වෙනකන් නතර වෙන්න බෑ.

"යාලුවෝ දන්නවා අහිංසා මගෙ අෆෙයා එක කැඩිලා කියලා.ඒත් උන් කෙළින්ම කිව්වා පාටියට එන්න ඕන නිසා එක එක කෑලි එක්කන් එන්න එපා කියලා.එයාලගෙ ගර්ල්ස්ලත් ඉන්න නිසා චාරයක් නැති උන් එක්ක එයාලව තියන්න බයයිලු.මාර විදියට අසරණ වෙනවා ඕයි එහෙම උනාම"

තිහස් කතා කළේ කාලෙක ඉඳන් දන්න යාලුවෙක්ට කතා කරනවා වගේ.ඔහු ඒ වහෙන් ඔරෝ කියන්න හැදුවේ අහිංසා වැදගත්,විනීත කෙල්ලෙක් කියන එක.එතකොටවත් ඔහු ගැන පැහැදීමක් ඇති වෙයි කියලා හිතලා.

"කළ කම් පල දේ කියන්නේ ඒකට තමා"

ඒත් අහිංසා කිසි ගාණක් නැතිව තිහස්ට වචන වලින් දොස් කියද්දී තිහස්ගෙ ලේ කෝප වෙන්න ගියේ නිමේෂයයි.

"තේරුම් ගන්නවකෝ.මට මෙහෙම හිරකාරයෙක් වගේ ඉඳලා ඇති වෙලා.පොඩි වැරැද්දක් කළා කියලා ගෙදරිනුත් මට බනින්නේ අපරාධකාරයෙක් ගාණට.මෙහෙ ඇවිල්ලාත් කතා කරන්න කවුරුත් නෑ.තමුසෙත් පොඩ්ඩ බැරි වෙද්දි ඇඟට කඩන් පනිනවා.යාලුවෙක් ආශ්‍රය කරගන්න විදියක් නෑ.පොඩ්ඩක් හිත නිදහස් කරගන්න ඕන නිසයි තමුසෙ ඉස්සරහ මෙච්චර බැගෑපත් වෙන්නේ.කෙල්ලො එක්ක නැටුවට,කේන්ති ගිහින් කෑ ගැහුවට මං තිරිසනෙක් නෙමේ අහිංසා..."

අහිංසාට තේරුම් කරවන්න කියලා හිතාගෙන එහෙම කිව්වට අන්තිමට ඔහුගේ මුවින් එළියට ආවේ ඔහුගේ හිතේ ඇත්තටම කැකෑරමින් තිබ්බ වේදනාව.ඒ වචන වලට අහිංසාගේ හිත පොඩ්ඩක් නොහෙල්ලුනා කිව්වොත් වැරදියි.ඇයත් දන්නවා ඔහුට නිදහස අඩුයි කියන්න.ඒත් ඒකට හේතුව දැනගත්තා නම් තත්ත්වෙ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.

"මං එහෙම හිතුවේ නෑ.ඒත් මට ඒ උදව්ව කරන්න බෑ.සොරී"

හැම බලාපොරොත්තුවක්ම කඩ උනා වගේ තිහස් සුසුමක් හෙලද්දි ඇයටත් හිතුනා තිහස් පව් කියලා.ඒත් එහෙම අනුකම්පාවක්වත් අඟවන්නෙ නැතිව අහිංසා පාඩුවෙ කේක් එක හදන්න ගත්තේ ඔහු දිහාත් හොරෙන් බලන ගමන්.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now