"ඒ කතාව වෙනස්නේ නිකී අයියේ..."

එවර නම් මුතූගේ හඬේ සැර බාල වෙලා.සාරංගට ඇය ගැනත් දුක හිතුනේ ඒ ගැන මතක් කෙරුව එකට පසුතැවීමක් දැනෙද්දිමයි.

"අම්මා අද ඒවි.පුංචා එක්ක විස්තරේ කියාවි.මාව තේරුම් ගන්න තමුසෙ විතරයි ඉන්නේ මුතූ.ඒ නිසා මං මේ කියන්න යන දේ පැහැදිලිව අහගන්නවා"

කවදත් විහිලුවෙන් ඉන්න සාරංග බැරෑරුම් හඬින් කියද්දි මුතූට තවත් කේන්ති ගන්න හිතුනේ නෑ.

"හා.කියනවා ඉතින්"

මුතූව හම්බෙලාම කතා කළා නම් හොඳයි කියලා හිතුනත් ලද අවස්ථාව නැති කරගන්න හොඳ නැති නිසා මුතූ එක්ක සාරංග හැමදේම කිව්වේ මිහිරානි දීපා එක්ක ඇති කරගෙන තිබ්බ පොරොන්දුවත් ගැන කියලා.ඒ පොරොන්දුව නිසා සාරංග විතරක් නෙමේ මාලකත් අසරණ වෙලා ඉන්න හැටි සාරංග කියද්දි මුතූටත් මිහිරානි එක්ක ආවේ කේන්තියක්.

"ඔයා මේ ඇත්තමද කියන්නේ නිකී අයියේ?ලොකු අම්මා ඔයාව බිල්ලට තියලා ඒ යාලුකම රැකගන්නද හදන්නේ?ඇත්තටම මේ ලොකු අම්මට පිස්සුද ආ?"

සාරංග ගැන හටගත්ත අනුකම්පාවෙන් මුතූ අහද්දී සරංගට බර සුසුමක් පිට උනා.

"මං දන්නේ නෑ බං.මට ඇති වෙලා තියෙන්නේ.මෙහෙම කොන්ද පණ නැති එකෙක් වගේ ඉඳලා මට ඇති වෙලා.අම්මාගෙ හිත රිද්දන්න බැරි නිසා ඉවසගෙන ඉන්නවා මිසක් මට තිත්ත වෙලා තියෙන්නේ.තමුසෙම හිතනවා මුතූ..අවුරුදු විසි අටක කොල්ලෙක් වෙච්ච මම මෙහෙම රූකඩයක් වගේ නැටවෙද්දි මගෙ පිරිමිකමෙන් වැඩක් තියෙනවද කියලා.මාව අත දරුවෙක් කියලා හිතලා අම්මා අම්මගෙ හීන ලෝකේ.තාත්තා ඇවිදගන්න බැරිව දුක් වෙද්දි අම්මාට ඕනේ මාව ශාදිට බන්ඳලා එයාගේ පොරොන්දු ඉශ්ඨ කරගන්න.මේ ළඟදි අම්මා පළවෙනි වතාවට මං නිසා ඇඬුවා.මට ඒක ඉවසන්න බෑ.පවුලෙ තනි එකා වෙන එක එක අතකින් පවක් මුතූ"

සාරංග ඉන්නේ උපරිම කලකිරීමෙන්.මුතූටත් ඒක තේරුනා.අනුන්ගේ ප්‍රශ්ණ ගාණට විසඳන සාරංග අද ඔහුගේ ප්‍රශ්ණ ඉස්සරහ අසරණ වෙලා.

"හරි.ඒක එහෙමයි කියමුකෝ.ඒත් ශාදි අක්කිගෙ තියෙන අවුල මොකක්ද කියන්නකෝ.බැලූ බැල්මට එහෙම කිසිම වරදක් පේන්නෙ නෑ.ඉතින් ආශ්‍රය කරලා බැලුවොත් නරකද?"

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now