අවසාන කොටස

1.2K 258 99
                                    

රිස්වාන්ගේ වාහනේ තේමියලගෙ ගෙදරට කිට්ටු වෙනකොට වෙලාව හතටත් කිට්ටුයි.

ගේට්ටුවෙන් ඇතුලට වාහනය හරවනවා එක්කම, එතෙක් වෙලාවක් තේමිය එනකන් බලාගෙන හිටිය තේමියගේ අම්මයි තාත්තයි වගේම මංගලා නෝනයි අභය මහත්තයයි දෙන්නත් දොරකඩින් එළියට අඩියට දෙකට ආවෙ ලොකු බලාපොරොත්තු සහගත බැල්මක් ඇස්වල රඳවාගෙන. අතරින් පතර දවල්වරුවේ රිස්වාන් එවපු කෙටි පණිවිඩයක් හැරුණු කොට ඒ අය දන්නේ තේමියව මුණගැහුනා කියලා විතරයි. තේමිය එනකල් ඒගොල්ලන්ට කල්පනා කරන්න ගොඩක් දෙවල් තිබුණා. ඉස්සරහට තේමිය ගැනයි නාරද ගැනයි හැසිරෙන්නෙ කොහොමද කියන එකත් ඒ අතර එක කාරණාවක්.

තේමිය කාර් එකෙන් එලියට එළියට බහිනවාත් එක්කම එතනට දුවගෙන ආපු තිලක් මහත්තයා එයාගේ පුතාව හයියෙන් බදාගෙන වැළඳගත්තා. නාලිකා නෝනට යන්තම් ඉකි ගැහිල්ලක් එක්ක ඇඬුමක් පිටවුනා.

"කොහෙද ළමයෝ ගියේ? මම ඇගේ ලේ නැතුව හිටියේ!" තිලක් කිව්වේ උගුරේ යමක් හිරවෙලා වගේ හඬකින්.

"එකටම හිතුවා තරහාවෙලා නාරදලගේ හරි රිස්වාන්ලගේ දිහාවත් යන්න ඇති කියලා.." නාලිකා නෝනා තෙමියගේ ඔලුව අතගානවා.

"නාරදගේ අම්මා තේමියනම් ආවේ නැහැ කිව්වහම මගේ ඉහමොලත් එක්ක රත්වෙලා ගියා!"

තේමිය සද්ද නැහැ. තෙමිය විතරක් නෙමෙයි නාරදයි රිස්වානුයි දෙන්නත් සද්ද නැහැ. තේමිය මගදිගට් කියකියා ආවේ අම්මයි තාත්තයි බැන්නොත් හරි දොස්කිව්වොත් හරි මොහොතක්වත් ගෙදර ඉන්නේ නැහැ කියලයි.

"ආයෙම කොයිහරි යන්න හිතුනොත් කෙලින්ම අපේ දිහා එනවා මිසක්, නොදන්න පළාත්වලට එහෙම යනවා නෙවෙයි!" අභය මහත්තයා තරවටු ස්වරයෙන් කියනව නාරද අහගෙන.

නාරදට තාත්තාගැන හරිම සතුටුයි. "තේමියගේ ගෙදරින් අවුලක් වුනොත් එයාගේ ප්‍රශ්නෙ විසඳගන්නකල් අපේදිහා ඉන්න පුළුවන්ද?" කියලා තෙමියට හොරෙන් තාත්තගෙන් ඇහුවම අභය මහත්තයා ඒකට කැමැත්ත දුන්නේ විනාඩියක්වත් යන්නෙ නැතුවයි. නාලිකා නෝනයි එයාගේ මහත්තයයි හැසිරෙනහැටි දිහා බලාගෙන හිටිය නාරදට එහෙම් වදවුනෙ ඇයි කියලවත් හිතාගන්න බැරිතරම්. තේමිය ගෙදර නැතිවුණු එක දවසක දවසකට ඒ දෙන්නගේ හැසිරීම මෙහෙම නම්... තේමිය මාස දෙකතුනක්... එහෙමත් නැත්තං අවුරුද්දක් විතර ගෙදරින් ඈත්වෙලා හිටියොත් කොයිවගේ ප්‍රතිචාරයක් මතුවේවිද කියලා අම්මයි තාත්තයි ලගට එනවා බලාගෙන හිටිය නාරද කල්පනා කළා.

පෙම්බර වැද්දාWhere stories live. Discover now