නවය

892 237 45
                                    

"මේ...?"

"හ්ම්....?" තේමිය දත කාගෙන එයාගෙ කොම්පියුටරේ මොනිටරේ දිහා බලාගෙන ගේම් සෙල්ලම් කරනවා. අන්තිම බාධකයක් පහුකරගෙන පහුකරගෙන කාරෙක ගිහිල්ලා දිනුම් කණුව ළඟ නැවතුනා නැවතුනාට පස්සෙ අත් දෙකත් උස්සල කෑගහපු තේමිය හිනාවේගන එයාගෙ යාළුවදිහා බැලුවා. "කියන්න... මොකක්ද?"

නාරද හිටියේ තේමියගේ ඇඳටවෙලා ඉඳගෙන. තේමියට වගේ පරිගණක ක්‍රීඩා කරන්න එච්චරම ආසාවක් නාරද තිබුණේ නැහැ. ඒ වෙනුවට එයා පැත්තකට වෙලා ඉදගෙන තේමිය සෙල්ලම් කරන හැටි බලාගෙන හිටියා.

කොන්වුන ගතියක් නම් නාරද දැනුනෙවත් නැහැ. ඇත්තම කිව්වොත් එයාට දැනුනේ ලොකු සැහැල්ලුවක්. වෙනදට යාළුවොත්ලුවොත් එක්ක ගමනක් ගියාම එයාගේ යාළුවන්ගෙ ඉල්ලීම්වලට ගැලපෙන විදිහට හැසිරෙන්නේ කොහොමද කියලා දෙතුන් ගමනක් කල්පනා කරන නාරදට කිසිම ප්‍රශ්නයක් නැතුව පැත්තකට වෙලා නිස්කලංක ඉන්න තේමියගෙන් මොනම විදිහකවත් බාධාවක් ඇතිවුණේ නැහැ.

"ඔයාලගේ අම්මලා කීයටද එන්නෙ?"

"තව රෑ වෙයි..." තේමිය බිත්තියේ බිත්තියේ එල්ලලා තිබුණු ඔරලෝසුව බලලා උත්තර දුන්නා.

"හැමදාම මෙහෙම තනියම ඉන්නවද?"

"සමහර වෙලාවට රිස්වාන් එනවා..."

"අද එන්නේ නැද්ද?" නාරද සීතල හැදිලා වගේ අත්දෙකින් වැලමිටි දෙක අතුල්ල ගත්තා.

"ඔයා මොකද ඔය කියන්නේ?" තේමිය පොත් මේසේ ලගින් හිටගෙන ඇවිල්ලා නාරදඉගේ එහා පැත්තේ ඇදේ ඉදගත්තා.

කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා. ඒත් කොහොම කියන්නද කියලා නාරදට තේරෙන්නේ නැහැ. නාරද කොහොමත් වචනවලින් අදහස් ප්‍රකාශ කරන්න දක්ෂ කෙනෙක් නෙමෙයි. එහෙව්එකේ, මම ඔයාට ආදරෙයි තේමිය කියලා... එක පාරටම කියන්න නාරදගේ හිතට දැනුණේ ලොකු පටලැවිල්ලක්.

තේමිය කොහොම එයාව තේරුම්ගනීවිද?

හදිස්සියෙන් මට ආදරේ නෑ කියලා කිව්වොත්... එතකොට මොකද කරන්නේ?

"ඕයි මොකද බයවෙලා?"

"ම්...."

"තමුසේ කියනවද නැත්තම් මම හිතේ තියෙනඑක ගෙස් කරන්න ඕනෙද?" තේමිය දත්ටික එළියටදාලා හිනාවුණා.

පෙම්බර වැද්දාWhere stories live. Discover now