දහනවය

787 214 44
                                    

දහනවය

චානක එක්ක කතා කරකර ඉන්නකොට තේමියට එයාගෙ ප්‍රශ්න පොඩි වෙලාවකට අමතක වෙලා ගියා.

තේමියට නම් බැරිම අවස්ථාවකදී කතාකරලා උදව්වක් ඉල්ලගන්න පුළුවන් විදිහේ යාළුවෙක් ඉන්නවා... දැන් නාරද ඉන්නවා... නාරදගේ යාලුවෝ කණ්ඩායමත් එයාගෙ වටේට එකතුවෙලා ඉන්නවා.

අම්මයි තාත්තයි කොච්චර කේන්ති ගත්තත් අන්තිමේදී තේමියගේ අනාගතයවත් ගැන හිතලා අඩුම තරමේ එයාගේ ඉගෙනගන්න වැඩ කටයුතු කරගන්නවත් උදව් උපකාර කරනබව තේමියගේ හිතේ කොනක විශ්වාසයක් ඉතුරු වෙලා. තාත්තා කෙසේ වෙතත් අම්මා හරි තේමියගේ ඉගෙනගන්න වැඩ කටයුතුවලට මැදිහත් වේවි. තාත්ත කොච්චර අමනාපවුණත් තාත්තගේ යාලුවෝ... සමාජේ දකින මිනිස්සු මොනව කියයිද කියන මතයේ එල්ලීගෙනවත් අඩුගානේ පිටටපේන්න තේමියට සලකාවි.

එහෙම උදව්වක් ඉල්ලගන්න කෙනෙක් නැති... උදව්වක් කරන්න පුළුවන් තත්වෙක නැති... යාලුවෙක් වැඩිහිටියෙක් කියලා කෙනෙක් ළඟ පාතකවත් නැති චානකගේ ජීවිතය ඊටවඩා කොච්චර බරපතලයිද?

"ගෙරින් එදා රෑ එලියට දානකොට මට තිබුණේ ඇගේ ඇදගෙන හිටපු ඇඳුම විතරයි..." චානක ටොයිලට්එකේ බිමට දාපු සබන් පෙන හේදිලා යන්න වතුර හෝස්එක අල්ලගෙන ඉන්න ගමන් හැඟීමක් දැනීමක් නැති ස්වරයකින් කියනවා තේමිය අහගෙන හිටියා.

"ඉතිං... තාත්තා විශ්වාස කළේම නැද්ද ඔයා ඒ මල්ලිට වැරැද්දක් වෙන විදිහේ දෙයක් කලේම නෑ කියල?"

ඔයා ඔලුව දෙපැත්තට වැනුවා. "තාත්තා කීයටවත් විශ්වාස කළේ නැහැ... එයාගෙ හිතේ හැටියට මම ඒ වෙනකොටත් වරදකාරයක හැටියට තීන්දුවක්දීලා ඉවරයි... පොඩි එකාගේ ප්‍රශ්නය ආපු වෙලාවේ දඩුවමක් දෙන්න විතරයි තිබුන."

චානක හෝස්එක බිමට දාලා කේන්තියෙන් වගේ මොප්එකෙන් බිම අතුල්ලන්න පටන්ගත්තා.

තේමිය එයාගෙ හිතෙන් චානක කියපු විස්තරය ආයෙමත් සැරයක් ආවර්ජනය කරල චානකගේ කතාවත් එයාගෙ සිදුවීමට කොයිතරම් සමානයිද කියලා කිරලා මැනලා බලන්න උත්සාහ කළා.

චානකත් එයා වගේම පුංචි කාලෙදි එයාලගෙ ගෙවල් ලඟ කුලියට නැවතුන මනුස්සයෙක්ගෙන් අතවරයකට ලක්වෙනවා එයාගේ තාත්තා දැකලා තියෙන්නෙ චානක හතර වසරේ ඉන්නකොට. ගෙවල් ලඟ මාමා නම් ප්‍රශ්නයක් ඇතිනොකරගෙන කොහේදෝ ගියාලු. ඒත් චානකගේ තාත්තාගෙන් නම් ගැල්වීමක් එයාට ලැබිලා නැහැ.

පෙම්බර වැද්දාWhere stories live. Discover now