හතර

1K 268 51
                                    

හත වෙනකල් නාරද තත්පරෙන් තත්පරෙ බලාගෙන හිටියා. හවස හත වෙනකල් නාරද තත්පරෙන් තත්පරේ බලාගෙන හිටියා. ඔක්කොම ගෙදර වැඩටික ඉවරකරගෙන "අම්මේ මම පාඩම් කරන්න යනවා..." කියලා කියාගෙන කාමරේට ගියේ එතකොට අම්මයි තාත්තයි මල්ලියි කරදර කරන්න නොඑන විත්තිය දන්න නිසයි. හරියටම හතවෙනකොට ෆොන්එක අතේ.

තවටිකක් පරක්කු කරනවද කියලත් හිතලත් ආයෙමත් එකවුන්ට් එකට ලොග්වුනා. බැරිවෙලාවත් පරක්කු වෙලායන්න ගිහින් තේමිය එයා නොඒවි හිතලා ගියෝතින්?

එතකොටත් තේමිය ඔන්ලයින් ඇවිල්ලා. එයාගේ නමත් වෙනස්කරල කියල දැක්කහම නාරදට හරි හිනා.

කලින් ලොකු වැද්දාව, හිකප් හොරෙන්ඩස් කරලා. 

ඒ ගමන නාරදට මතක්උනේ හාට්ස්ටොපර් ටීවී සීරිස්එකේ යාලුවො දෙන්නා ඉස්කෝලේ පටන්ගත්ත කාලේ හම්බුනාම "හායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ගමන නාරදට මතක්උනේ හාට්ස්ටොපර් ටීවී සීරිස්එකේ යාලුවො දෙන්නා ඉස්කෝලේ පටන්ගත්ත කාලේ හම්බුනාම "හායි... හායි" ගාපු විදිහ..

මෙහෙම ගියොත් දිගටම දෙන්නා හායි හායි... ගාගා ඉන්නබව පෙනුණුනිසා, නාරදම ඉස්සරවෙලා කතාව පටන් ගත්තා. තේමියත් ඇනිමේෂන් චිත්‍රපටිවලට කැමති බව තේරුනනිසා ඒ මාතෘකාව හොඳයි කියලා එයාට හිතුණා. මොනවගේ ඇනිමේශන් චිත්‍රපටිද බලලා තියෙන්නෙ... ඒවල ආසම චරිත මොනවද... ඉස්සරහට එන්න තියෙන ෆිල්ම්ස්... දෙන්නටම කියන්න ගොඩක් දේවල්!

නාරදට කාලය ගතවෙනවා දැනුනේ නැතිතරම්.

මාතෘකාවෙන් මාතෘකාවට කිසිම බරපතලක් නැතිව එයාලා චැට්එක ගලාගෙන යන්නවුනා. කන්නබොන්න කැමති දේවල්... යන්න කැමති තැන්... කියවන්න කැමති පොත් පොතපත්... ඉස්කෝලවල්වල විස්තර... ඔහේ හුවමාරු කරගෙන යනකොටයි දෙන්නටම තේරෙන්න ගත්තේ ඒදෙන්නගේ කැමතිඅකමැතිකම් කොච්චර සමානයිද කියලා.

පෙම්බර වැද්දාWhere stories live. Discover now