දාහතර

784 201 80
                                    


"නෑ... එයා එහෙම කියන එකත් නැහැ..." රිස්වාන් මගදිගට දෙතුන් ගමනක්ම එහෙම කිව්වේ තේමියගේ හිත හදන්න. 

ඒ උනාට නිශාදි හැසිරුන හැටියෙන් එයා කළේ පුහු තර්ජනයක් නෙමෙයි කියලා නම් තේමියට හොඳටම තේරුණා. නිශාදිගේ ඇස්වල තිබුනේ තරමක කේන්තියක්. එයාගෙ මුහුණෙන් පෙනුනේ බලහත්කාරකමක් කරන්න ආපු මිනිහෙක්දිහා බලනවා වගේ බයයි පිළිකුලයි එකතුවෙච්ච බැල්මක්.

තේමියට හරියටම වටහාගන්න අපහසු එක දෙයක් තිබුණා. නිශාදිට කේන්තියන්න තරම් නාරදයි එයයි මොකද්ද කරපු වැරැද්ද? 

තේමිය නාරදගේ අතින්... උරහිසෙන් අල්ලගෙන හිටියා යාළුවො ඔක්කොම උදේ ඉඳලම දැක්කානේ. අනෙක් අතට නාරදට ඖංචි හාද්දක් දුන්නු එක ඔයිතරම් කේන්තිගන්න වැරැද්දක්ද?

ගෙදරින් බහිනකල්ම නාරද සීතල වෙච්ච ඇඟිලිවලින් තේමියගේ මිරිකගෙන ගියේ හරියට ආයෙමත් ජීවිතේට ඒදෙන්නට මුණ ගැහෙන්න...  හම්බෙලා කතා කරන්න... බැරිවේවි කියලා බයකින් වගේ. තේමිය හිනාවෙලා නාරද සනසවන්න රඟපෑවට හිත ඇතුලේ ලොකු පීඩනයක් නොදැනුනා නෙමෙයි. වෙච්ච දේවුනා... දැන් ඕනදේකට මුහුණ දෙන්න තේමිය සූදානම්.

"උවමනාවක් වුනොත් කෝල්එකක් දියං... අපි මොනාහරි කරමු." රිස්වාන් කියද්දි තේමිය ඔලු බක්කා වගේ ඔලුව ඉහල පහල වැනුවා. 

රිස්වාන් කියලත් මොනවා කරන්නද? උස මහත තිබුනට එයත් තාම රස්සාවක්වත් නොකරන ලමයෙක්. 

තේමිය කාමරේට ගිහිල්ලා දොර වහගෙන නිදාගත්තා. නිදාගැනීම ඇතිදෙච්ච ප්‍රශ්නෙට උත්තරයක් නොවුනට ඊටවඩා මොනවද කරන්න ඕනේ කියලා එයාට හිතාගන්න පුළුවන් වුනේ නැහැ.

🍀🍀🍀🍀🍀🍀🍀

නාරදගේ ගෙදරින් කෝල් කරනකොට තේමිය හිටියේ රෑ කෑම කන්න මේසෙට වාඩිවෙලා. බඩගින්නක් නම් නෑ... ඒත් කෑම මේසෙට නාවොත් අම්මා බලනවා මොකද කියලා. තේමියගේ අම්මා බොහොම සතුටින් ෆෝන්එක කනේ තියාගෙන හිනාවෙලා කතාකලේ ළමයි ගෙවපු දවසගැන මංගලා නෝනා මොනවාහරි කියන්න කතාකරනවා කියලා හිතාගෙන වෙන්න ඕනි. 

අම්මගේ මූණෙ තිබුණ හිනාව ටිකෙන් ටික මැකිලා ගිහිල්ලා... අන්තිමේදී නළල රැලිගැහෙන්න ගන්නවා තේමිය බලාගෙන. ඇඟ සීතලවෙලා ඇඟිලි නවන්න බැරිතරමට දරදඬු වෙනවා එයාට දැනුනා. 

පෙම්බර වැද්දාМесто, где живут истории. Откройте их для себя