"ඒ එයාගෙ හැටි.අපේ අම්මගේ යාලුවෙක්ගෙ දුවෙක්. මේ...එයා..මේ.. මොඩ්ලින් වලට ආසයි කියලා චාන්ස් එකක් අරන් දෙන්න කියලා මළ වදේ.ඒකයි ඔය නළවලා කතා කරන්නේ.දන්නෙ නැද්ද ඉතින්????"

සාරංග කටට ආවක් කියලා දැම්මේ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් නැති නිසා.ගෙදරින් බලන්න ගිය කෙල්ල කියලා කිව්වොත් එහෙම ගමනක් නොකියා ගියා කියලා මුතූ විතරක් නෙමේ මුතූගෙ අම්මත් තරහ වෙනවා.ඒ නැතත් ශාදි ගැන ඇත්ත කතාව කියන්න සාරංගට හිත දෙන්නෙ නෑ.ඒ ගොඩක්ම ඒක ඔහුගේ අකැමැත්තෙන් සිද්ද වෙච්ච දෙයක් නිසා.ඇත්තටම ශාදි කියන මාතෘකාව සාරංගට හිසරදයක්.

"හ්ම්ම්..ඒකත් එහෙමද?බලමුකෝ නිකී අයියේ.හැබැයි මේ නංගිට බොරුවක් කියලා තිබ්බොත් බලාගමු හරිද?පව් අහිංසා අක්කී"

මුතූ අන්තිම ටික කිව්වේ මුමුණලා වගේ.ඒත් සාරංගට ඒක ඇහුනා.

"මොකක්ද මොකක්ද ඒ කතාවේ තේරුම?අහිංසාව මේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද?"

සාරංග ඇහුවේ හිත පොඩ්ඩක් කලබල වෙද්දි.මුතූ ඒ වගේ කතාවක් කිව්වෙ ඇයි කියලා ඔහුට හිතාගන්න බෑ.

"අහිංසා අක්කිගෙ ඇති සම්බන්ධයක් නෑ.එයායි මායි ඔට්ටුවක් ඇල්ලුවා.එයා කිව්වා ඒ කතා කළේ ඔයාගෙ ගර්ල් කියලා.එතකොට මං කිව්වා ගර්ල් නෙමේ කියලා.දැන් එයා ඔන්න ඔට්ටුව පරාදයි"

මුතූ කිව්වේ හිනා වෙවී.ඇය අහිංසා එක්ක අල්ලපු ඔට්ටුවක් නෑ.ඒත් කටට ආව දෙයක් මුතූ කියලා දැම්මේ සාරංගගේ මූණ දිහා හොඳට බලාගෙන.

"උඹලට ඔට්ටු අල්ලන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද?මේ ගෑණු නම් ඕප මලු...දැන් ඇත්තටම අහිංසා හිතන් ඉන්නේ ඒ කතා කළේ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලද?ශිට්..."

සාරංග අන්තිම ටික කිව්වේ කනස්සල්ලක් හිතට දැනෙද්දි.අහිංසා ඒ වගේ වැරදි වැටහීමක ඉන්න එකට සාරංගගෙ හිතේ කැමැත්තක් නෑ.වෙනදාට නම් අහිංසා මොනා කළත් ගාණක් නැති උනාට මේ දවස් ටිකේම ගොඩක් ලඟින් ඇයව ආශ්‍රය කරපු එකෙන් සාරංගට අහිංසා ගැන දැනුනේ වෙනදා දැනෙන හැඟීම නෙමේ.හිතන් උන්නට වඩා ඇය අහිංසකයි කියලා හිතුනේ ඇයව ළඟින් ආශ්‍රය කළාට පස්සේ.ඇත්තටම අහිංසා එක්ක කාලය ගත කරද්දි සාරංගගේ හිතේ මොන ප්‍රශ්ණෙ තිබ්බත් ඒක අමතක වෙලා යනවා.ඇය ඉස්සරහා ඒ තරමටම හිත සැහැල්ලුයි.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now