"මොකද මොකද ආ??මගෙ ගෑණිව ළඟ තියන් සද්දෙ දාන්නේ ආ"

කේශව ඇහුවේ නිකන් මැර පාට් එකෙන්.කේශව ආව එකෙන් නම් චාන්‍යාට දැනුනේ සහනයක්.ඒත් සාරංගගෙයි අහිංසාගෙයි කටවල් ඔහුටවත් නතර කරගන්න වෙන්නෙ නෑ කියලා චාන්‍යා දන්නවා.

"අනේ මේ ඉඳින්.මේ කෙල්ලගෙ කට කූඹියෙක් කාලා.හොඳටම දනවලු.ඌ මේකිව කාලා යනකන් උඹ දන්නෙ නෑ.මාර මිනිස්සු බං උඹලත්"

ඔච්චරටම හිනා වෙන්න මෙතන සිද්ද වෙච්ච දේ නොදන්නවා උනත් කේශවට තේරුනා කාමරේ දැක්ක දේ ගැන අහිංසා වටේටම ගිනි තියලා කියලා.

"අනේ මහ හොඳ නෑ කේශව අයියේ මේ දෙන්නා.මං යනවා කාර් එකට.මෝඩ ජෝඩුව"

අහිංසාව සාරංග දිහාටම තල්ලු කරලා චාන්‍යා යද්දි කේශව ටක් ගාලා පැනලා අහිංසාගෙ කොණ්ඩෙන් ඇද්දා.

"ආ...ව්...මෝඩයෝ...අතාරිනවකෝ"

"තමුසෙගෙත් කට කන්න කූඹියෙක් ඒවිනේ.අන්න එදාට බලාගමු හොඳද?'

කේශව තරවටු කරලා අහිංසාගෙ කොණ්ඩේ අත ඇරියත් අහිංසා ඒ තරවටුව මේ කනෙන් අහලා ඒ කනෙන් පිට කළා කියන්න කේශව දන්නවා.ඒ මුවේ තාමත් තියෙන්නේ ඔච්චම් හිනාවක්.

"මේකිව නම් කූඹියෙක් වගේ උන් කාලා හරි යන්නෙ නෑ කේශ්.ගරුඩෙක් තමා හරියන්නේ"

සාරංග අනිත් අතට කියද්දි කේශව කලේ සාරංගටත් රවාගෙන කාර් එක ළඟට ගිය එක.ඒ තප්පරේම අහිංසා සාරංගගේ උරපත්ත කෙනිත්තුවේ සාරංග ආව් ගාගෙන අහකට පනිද්දී.

"හම ගලවලා අතට ගන්නද හදන්නේ යකෝ?"

"හරි ආසා ඇති නේද මාව මොකෙක් හරි කාලා යනකන්??ඒවා හඳේ.අනික..මට කියනවා මේ උදේම මෙහෙ ආවේ මොකටද?වැඩක් නැද්ද කරන්න ඇත්තටම ආ?"

අහිංසා අහද්දි සාරංග කළේ ඇය කෙනිත්තුව තැන අතගාපු එක.

"පේරාදෙණි යන්න මිසක් වෙන මොන එහෙකට මෙහෙ එන්නද?කේශවයා කිව්වා.මං ආවා...අනික මචෝ.තමුසෙලගෙ පවුල සම්පූර්ණ වෙන්න නම් මං වගේ කඩවසම්,බුද්ධිමත් කෙනෙක් ඕනේමයි.ඒ නිසා විශේෂ ආරාධිතයෙක් විදියට මාත් එනවා"

"අපෝ...කනක් ඇහිලා යන්න බැරි වෙයි"

අහිංසා එහෙම කිව්වට ඒ බොරුවට.ඇත්තටම අහිංසා කැමතියි සාරංග ඔවුන් එක්ක එනවට.මොකද සාරංග ඉන්න තැන පාළුවක් නැති නිසා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now