"අනේ එපා"

සාරංගගේ ග්‍රහණයෙන් ගැලවෙන්න හදන ගමන් අහිංසා ඇස් දෙක වහගෙන හයියෙන් හිනා උනා.අන්තිමට උනේ දෙන්නවම ඇඳට වැටුනු එක.ඒත් ඒ වෙද්දිත් හිනාව නවත්තගන්න බැරිව අහිංසාගෙ වැලමිට සාරංගගේ යටි බඩට වැදෙද්දී සාරංගට දෙයියෝ බුදුන් සිහි උනා.

"හ්ප්..අම්..මෝ..."

ඔහු අත් දෙකෙන්ම යටි කය අල්ලගත්තේ ඒ වැදුනු පාරට කනින් දුම් පිට වෙනවා වගේ දැනෙද්දී.ටක් ගාලා ඇඳෙන් නැඟිට්ට අහිංසා අවුල් උනු ඇඳුම හදාගත්තේ මහන්සියෙන් හති ඇර ඇර.

"පරම්පරාව නැති කරන්නද හරකියේ හදන්නේ??"

ඇඳේ මුනින් තලා පෙරලිලා සාරංග අහද්දී අහිංසාට හිනාවක් නැඟුනා.

"හොඳ වැඩේ බූරුවට.මාව කිති කවන්න කිව්වේ කවුද ඉතින්?දන්නවනේ ඒ වෙලාවට මට කන්ට්‍රෝල් නෑ කියලා.අනික ආවේ තමුසෙ කියලා දන්නවා නම් තව ටිකක් සැරට පාර වද්දන්නේ"

කටට ආව කුණුහරුප ටික අමාරුවෙන් පාලනය කරගෙන සාරංග ඇඳෙන් වාඩි උනේ මූණත් බෙරි කරගෙන.අහිංසා ඇත්තටම එහෙම ගහන්න හිතුවේ නෑ.ඒක අත්වැරදීමක්.සාරංග ඉන්නේ වේදනාවෙන් කියලා තේරුණත් අහිංසා බුරුලක් පෙන්නන්න ගියේ නෑ.

"බලනවකෝ ඉතින් කෙරුව දේ.ලස්සනට නමලා තිබ්බ ඇඳුම් ටික.ආයේ නමපල්ලකෝ ඉතින්.කෝ අහකට වෙලා අන්න අර පුටුවෙ වාඩි වෙනවා"

බලෙන්ම සාරංගව ඇඳෙන් නැඟිට්ටවා අහිංසා ඔහුව පුටුව දෙසට තල්ලු කළේ නැවත ඇඳුම් නමන්න සිද්ද වෙච්ච තරහටත් එක්කමයි.

"මේකගේ ඇඳුම් ඇදලා තමුසෙට හෙට ගෙයින් එළියට බහින්න තමා වෙන්නේ.අනික බලනවා ඇඳට දාලා තියෙන බෙඩ්ශීට් එකේ හැටි"

සාරංග කිව්වේ කේශවගේ හැටි දන්න නිසාමයි.

"ඇයි?මේකේ මොකක්ද තියෙන කැත?චානුත් ඉන්නවනේ.දැන් ඉස්සර වගේ මූසල පාටට ඉඳලා හරි යන්නෙ නෑ.අනික ඇඳුම් අස් කරන්නේ එයාගෙම හොඳටනේ.කසාඳ බැඳලා එද්දි පොඩ්ඩක් වෙනසක් තියෙන්න එපැයි"

තමන් කෙරුව දේ සාධාරණය කරමින් අහිංසා කිව්වත් හිතේ බයක් නොතිබුනාම නෙමේ.කිව්වත් වගේ කේශව දුම්මල වරම අතට ගනීවී කියලා බයක් ඇගේ හිතට ආවා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now