තිහස් උන්නේ ශාලාවේ කෙළවරම ආසනයක වාඩි වෙලා බියර් වීදුරුවක් තොල ගාන ගමන්.ඕන තරම් කෙල්ලන් වටේ හිටියත් ඔහුගේ දෙනෙත රැඳී තිබුනේම අහිංසා ගාව.ඒත් ඔහු ඒ වනතුරුත් අහිංසා කියන්නේ ගිරිරාජ්ගෙ දුව කියන එක දැනන් උන්නේ නෑ.තම පියාගේ මිතුරු සමාගමය ගැන දැනගන්න ඔහුට කවදාවත් උවමනාවක් තිබුනේ නෑ.ගිරිරාජ්ගෙ පවුලේ තතු දැනන් හිටියත් ඒ ඇගේ හැප්පුනේ ගිරිරාජ්ගෙ දුව කියන්න ඔහු දන්නේ නෑ.

"ඒක නේන්නම්.නැද්ද පුතා??"

කාගෙදෝ අතක් තිහස්ගේ පිටට වැටෙද්දී ඔහුට බිබී හිටිය බියර් උගුරත් හිර උනා.ඔහු සමඟ උන්නේ වසන්තගේ මිතුරන් පිරිසක්.තිහස් ඉන්නේ බොහොම අමාරුවෙන් කියලා වසන්ත දැනගෙනයි උන්නේ.ඔහුට හිනා නැඟුනේ කජු ලෙල්ලක් වගේ තියෙන තිහස්ගේ මූණ දැකලා.අසල උන්නු කෙනා කිව්ව දේ ගැන හාංකවිසියක්වත් නොදැන උන්නු තිහස් බොරුවට හිනා උනේ වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා.

'මේ නාකියෝ ටික මගෙ ඔළුව කාලා තමා නතර වෙන්නේ'

එහෙම හිත හිතම තිහස් බියර් වීදුරුව හිස් කළේ තව ටිකකින් එළියට යන්න හිතාගෙන.

"සූරිය.මාධව ව නම් දැක්කා.කෝ මේ අහිංසා කෙල්ල?"

වසන්ත කිව්වේ සෙනඟ අතරින් අහිංසාව හොයාගන්න බැරි උනු නිසා.කුසුම්ගෙ අවමංගල්‍යයෙන් පස්සේ වසන්ත අහිංසාව දැක්කෙම නෑ.ඔහුගේ මතකයේ තාමත් තියෙන්නේ තම මවගේ මිනිය දිහා බලාගෙන අහිංසා ඇඬූ කඳුලින් උන්නු හැටි විතරයි.

"ඉන්න මං කතා කරන්න.කෙල්ලට අද නෑයොයි යාළුවොයි දැකලා පිස්සු හැදිලා ඉන්නේ"

එහෙම කිව්ව ගිරිරාජ් ද හෙව්වේ අහිංසාව.අසල උන්නු හිතවතෙකු අත පණිවිඩයක් යැවූ ගිරිරාජ් බලන් උන්නේ අහිංසා එනකන්.මිතුරියන් එක්ක හොඳට හිනා වෙවී කතා බහේ උන්නු අහිංසා පණිවිඩේ ලැබුනු ගමන්ම ගිරිරාජ් ගාවට ගියේ අවස්ථාව මොකක් උනත් ගිරිරාජ්ගේ නීති ගැන දන්න නිසා.

"අප්පච්චී එන්න කිව්වද?"

"ආ..ඔව්.කෙනෙක්ව අඳුන්නලා දෙන්න තියෙනවා.දුවට මතකද මේ අන්කල්ව?"

ගිරිරාජ් වසන්තව පෙන්නා අහද්දී අහිංසාත් ඔහු දිහා බැලුවා.සිය පියාගේ යහලුවන් අතරින් ඇයට වසන්තව යාන්තමට මෙන් මතකයේ තිබුණා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now