ජංගුක් වුනත් බයෙන් හිටියෙ කවුරු කොයිවෙලේ ඇතුලට කඩාගෙන පනියිද කියලා. මොකද ෆෑන්ස්ලා උදේ ඉඳන්ම කැෆේ එකේ ඇරලා තිබුණ ජනේලෙකින් රෝස මල් රොකට් වගේ දේවල් එවන්න පටන් ගත්තා. අන්තිමට ඉතින් ජනේලෙ වහලා දැම්මට පස්සෙ තමයි වැඩේ නැවතුනේ.

"තව කොච්චර වෙලාවක් යයිද දන්නෙ නෑ. කොහොමහරි ෆෑන්ස්ලාගෙන් බේරිලා එයා මෙතනට ආවොත් ලොකු දෙයක්."

ජංගුක් හිටියෙ කොෆී එකක් බොන ගමන්. එයාගෙ හිතත් කලබල වෙලා වගේ. අනිත් එක එයා මෙහෙම ගෑනු ළමයෙක්ව හම්බවෙන එකට ෆෑන්ස්ලා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.

"ජංගුක්ෂි..........."

කවුරු හරි කතා කරන සද්දෙ ඇහෙනවත් එක්කම ජංගුක් පිටිපස්ස හැරිලා බැලුවෙ ආව කෙනා ඉස්සරහ දොරෙන් ආවෙ නැති නිසා.

ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි අයිකි. එයා ස්ටාෆ් එකේ ඇඳුමකුත් ඇඳගෙන පිටිපස්සෙ දොරෙන්ම ඇතුලට ආවෙ අනිත් අයට එයාව අඳුරගන්න බැරි වෙන්න.

"ඔයා.......අයිකි........"

"ඔව්, මම තමයි....."

අයිකි හිටියෙ මාස්ක් එකක් දාගෙන නිසා එයාගෙ මූන බලාගන්න අදත් ජංගුක්ට බැරි වුණා. ඒත් ඒ ගැන නොහිතා එයාල කතා කරන්න පටන් ගත්තෙ අයිකිත් ජංගුක්ගෙ ඉස්සරහින් වාඩි වෙද්දි.

"ඉතින් ජංගුක්ෂි ඔයාට මගෙන් අහන්න තියෙන්නෙ මොනවද?"

"හ්ම්......අහන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔයා මාව දන්නෙ කොච්චර කාලෙක ඉඳලද?"

"මම ඔයාව දන්නෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන්..... හරියටම කියනවනම් මම හය වසරෙ ඉන්න කාලෙ ඉඳන්....."

"හ්ම්..... ඉතින් ඇයි මගේ ඉස්සරහට ඇවිත් කතා කලේ නැත්තෙ? කවදාවත්..."

"මම ඉස්සර ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක්. ඒත් දැනුත් එහෙම තමයි. අනිත් එක මම හිතුවා මම ඔයාගෙ යාලුවෙක් වෙන්න තරම් සුදුසු කෙනෙක් නෙවෙයි කියලා."

"ඉතින් ඔයා ආර්ටිකල්ස් ලිව්වෙ?"

"මම කලින්ම ඒ ගැන කිව්වනෙ ජංගුක්ෂි....... ඔයාගෙ ජීවිතේ වෙච්ච දේවල් අනිත් අයටත් කියලා අනිත් මිනිස්සුන්ට ඔයා ගැන තියෙන වැරදි අදහස් නැති කරලා දාන්නයි මට ඕන වුණේ."

Your Diary || JJK ✓Where stories live. Discover now