Chapter 4

411 130 70
                                    

Article 4

අද ඔයා ගොඩක් සතුටින්. හේතුව මම දැනටමත් දන්නවා. ඔයා ඔඩිෂන් එකෙන් තේරුණානෙ. ඔයාගෙ මුළු මූණම එලිය වැටිලා. බෑග් එකත් එල්ලගෙන ඔයා බලන් ඉන්නෙ ඔයාගෙ කුමාරිකාව එනකම්. එයාට මේ ආරංචිය කියන්න ඕන නිසා ඔයාගෙ හදවත පිස්සුවෙන් වගේ නේද?

ඔන්න එයා ඈතින් එනවා. කොහෙද ඉතින් ඔයාට හදිස්සියනෙ. කෙල්ල ලඟට එන්නත් කලින්ම දුවලා ගිහින් බදාගත්තා. 

"මොකද කුකී අද මෙච්චර සතුටින්?"

"මැණික......ඔයා ගෙස් කරන්න බලන්න."

"අනේ මම දන්නෙ නෑ.....කියන්නකො....ඔයා මාව බයත් කරනවා."

"මැණික......සේහා...මම ඔඩිෂන් වලින් තේරුණා....."

ඔයා කිව්වෙ සේහාගෙ කම්මුලකුත් සිපගන්න ගමන්. මොනා කරනවද මන්ද මේ කොල්ලා මහපාර මැද්දෙ. හොඳ වෙලාවට අහල පහල කවුරුත් නෑ. ඔයා ගොඩක් ආදරණීයයි කියලා මට වඩා ඉතින් වෙන කවුරු දැනගන්න ද? ඒත් සේහාගෙ මූණ ටිකෙන් ටික අඳුරු වෙලා ගියා. ඒකට නම් ඔයාට වගේම මටත් පුදුම හිතුණා.

"මැණික......ඇයි මේ? ඔයාට සතුටු නැද්ද?"

ඔයා එයාගෙ කම්මුල් අත් අතරට අරගෙන අහද්දි මම තාප්පෙට හොඳට කන තියාගෙන හිටියෙ මටත් ඒක දැනගන්න ඕන වුන නිසා. ඇත්තටම එයාට සතුටු නැද්ද?

"අනී..... එහෙම නෑ කුකී.....මට ගොඩක් සතුටුයි."

"නෑ නෑ.....ඔයා ඔය බොරු කියන්නෙ. ඇයි මැණික මේ?"

"නැහැ කුකී....ඔයා ලොකු සින්ගර් කෙනෙක් වුනාම මාව අමතක වෙයි. ඇයි ඔයාට සෝල් වලට යන්නත් වෙනවනෙ."

"අනේ.....මට මගේ මැණිකව අමතක වෙන්නෙ නෑ. එහෙම කියන්න එපා."

ඔයා එයාව තදින් තුරුලු කරගත්තා. මටත් ලඟට දුවගෙන ඇවිත් ඔයාව තුරුළු කරගන්න හිතුනා. ඇයි ඉතින් ඔයාගෙ ආදරේ දැක්කම ලෝභ හිතෙනවා.

කොහොමහරි ඔයා ඔයාගෙ හීනෙ මුල් පියවර තිබ්බා. ඔඩිෂන් එකෙන් තේරුණා කියන ලියුම ආවට පස්සෙ සතියෙම ඔයා සෝල් වලට ආවා. මාත් ඉතින් ඔයත් එක්කම ආවා. මොනා වුනත් මෙහෙදි මගේ වැඩේ තවත් අමාරු වුනා. ඇයි ඉතින් ඔයා හැමවෙලේම ඩෝර්ම් එක ඇතුලෙනෙ හිටියෙ.

Your Diary || JJK ✓Hikayelerin yaşadığı yer. Şimdi keşfedin