Chapter 7

406 136 88
                                    

Article 7

ඔයා පලවෙනි වතාවට සිංදු කියනකොට කොච්චර ලැජ්ජාශීලී කෙනෙක් ද? ඔයා ඉස්සර ලැජ්ජාවට අඬනවත් එක්ක. ඒත් ඉතින් දැන් නම් ඒ ලැජ්ජාව කොහෙද දන්නෙ නෑ.

මම ඔයාගෙ පලවෙනි ලයිව් එකේ ඉඳලා හැම ලයිව් එකක්ම නොවරදවාම බැලුවා. ඔයා හිනා වෙනකොට ෆෑන්ස්ලාට විතරක් නෙවෙයි මටත් ඔයා ගැන අමුතුම හැඟීම් දැනෙන්න පටන් ගත්තා. ඔයාගෙ හිනාව ඒ තරම්ම ඇබ්බැහි වෙන සුළු ඩ්‍රග් එකක් වගේ. හිනාව විතරක් නෙවෙයි කටහඬත් ඒ වගේම තමයි.

මම ඔයාගෙ ළඟදිම තිබ්බ ලයිව් එකක හිටියා. හැමෝම ඉතින් ඔයාට මැසේජ් කරන ගමන් ගොඩක් කාර්යබහුල වෙලයි හිටියේ. ඒත් මම බලන් හිටියෙ ඔයාගෙ ඇස් දිහා. ඒ ඇස් වල මොකක්දෝ හැංගිච්ච වේදනාවක් තියනවා කියලා මට දැනෙනවා. ඒකට හේතුව සේහාද වෙන මොකක් හරිද කියන්න මම දන්නෙ නෑ. ඒත් මොකක් වුණත් ඒ දුක නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ෆෑන්ස්ලා කියනවා ඔයා බනානා මිල්ක් වලට ගොඩක් කැමතියි කියලා. හහ්........මොන බොරුද....මම නම් දකින දකින සැරේට ඔයාගෙ වැඩේ උගුඩුවෙක් වගේ බියර් බොන එක. මට ඇවිත් බනින්නත් හිතෙනවා. ඒත් බැහැනෙ....... ඒත් ඔය වගේ බොන්න එපා මනුස්සයො......ඔයාව අසනීප වෙයි. ඒත් ඉතින් නිකන්ම නිකන් ආර්ටිකල් රයිටර් කෙනෙක් වෙච්ච මට එහෙම අයිතියක් නැහැ.

ඔයා ඉතින් හිනාවෙවී බියර් බිබී සිංදු කියනවා. කොච්චර බිව්වත් ඔයාගෙ කටින් අනවශ්‍ය දෙයක් පිට නොවෙන තරමටම ඔයා දක්ෂයි සූක්ෂමයි. කොහොමත් අයිඩල් කෙනෙක්ට තියෙන්නෙම ඕන දෙයක් ඒ සූක්ෂම බව.

මට වෙලාවකට හිතෙනවා ඔයා මේ තරම්ම බොන්නෙ ඔයාට තියෙන මානසික පීඩනය නිසා කියලා. මම අහලා තියෙනවා මිනිස්සු ගොඩක්ම බීමට හුරුවෙන්නෙ ප්‍රශ්න තියෙනකොට කියලා. මොනවා වුනත් ප්‍රශ්න හරියට කළමනාකරණය කරන්න ඔයා හොඳ උත්සාහයක් ගත්තා.....ඒ කාලෙ වගේම අදත්.

ඔයාගෙ ඩිබියුට් එකට කලින් ඔයාගෙ හිත කියවන්න පුළුවන් වුනත් දැන් නම් මට එහෙම කරන්න බැරි මට ඔයාගෙ ලඟින් රැඳෙන්න තරම් වටිනාකමක් නැති නිසා. ඒ මොනවා වුණත් දිගටම මට පුළුවන් උපරිමයෙන් ඔයා ගැන විස්තර හොයලා මේ විදිහට ලියන එක මම කරන්නම ඕන දෙයක්. ඉතින් ඔයා වෙනුවෙන් ලියපු දේවල් වලින් ඔයාගෙ ජීවිතයට මොකක් හරි බලපෑමක් වුණා නම් මට සමාවෙන්න.

Your Diary || JJK ✓Where stories live. Discover now