Chapter 07

6 1 1
                                    

පහුවදා උදෙන් ම යොන්හා නැගිටලා ලෑස්ති වුණේ ඇකඩමියට යන්න. ඒ ඊයේ රෑ ඉඳන් යොන්හගේ හිතට දුන්න ප්‍රශ්නයකට උත්තරයක් හොයා ගන්න ඕන වුණ නිසා.

ඇකඩමියට ගිය ගමන් ⁣යොන්හා ෆෝන් එක අතට ගත්තේ ජිමින්ට කෝල් කරන්න හිතාගෙන.

' ශික් ! මං ගාව ජිමින්ගේ නම්බර් එක නෑනේ '

කන්ටැක් ලිස්ට් එක පුරාම ජිමින්ව හොයපු යොන්හට ඒ ගැන මතක් වුණේ පස්සේ .

' දැන් ඉතිම් ඩාන්සින් හෝල් එක පැත්තට ගිහින් හොයන්න ඕන '

යොන්හා එහෙම හිතන ගමන් ඩාන්සින් රූම් පැත්තට යන්න හදන කොටම ජිමින් ඒ පැත්තෙන් ආවේ යොන්හට අතත් වන වන.

" ආහ් යොන්හා ! " ජිමින්ගේ ස්වීට් වොයිස් එකෙන් කතා කළා.

" මං ඔයාව හොයාගෙන එන්න හැදුවේ. වෙලාවට ආවේ. "

" ⁣ඇයි මොකද වුණේ ... "

" මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නත් තියෙනවා ⁣තව දෙයකුත් කියන්න තියෙනවා .... මෙතැන කියන්න බෑ ..... කවුරුහරි දකින්න කලින් අපේ රහස් තැනට යමු .... "

ජිමින්ට මොකුත් කියන්න නොතියාම යොන්හා ජිමින්වත් ඇදගෙන සුපුරුදු විදියට රහස් පාර දිගේ ආවේ වතුර මල ළඟට.

" මට ඊයේ ඔයා කතාව කියන⁣ කොට ඒ ගැන තේරුණේ නෑ .... මං ගෙදර ගියාට පස්සේ මට ඒක ගැන මතක් වුණේ..... ඔයා කෝමද ඒ කතාව මුල ඉඳන් අගට ඔච්චර හොඳට දන්නේ.....කන් ගරෙම්, ඕහ් වූජින්, කිම් යුජින් ගැන ? ඔයා ඒ කතාව කිව්වේ ඔයත් හරියට හිටියා වගේ ? "

ඊයේ මිස්ටර් කිම් අහපු ප්‍රශ්නෙට උත්තරයක් නැති වෙලාවේ මිස්ටර් කිම්ට වගේම යොන්හටත් ඒ ප්‍රශ්නේ ආවා. ඒ නිසාමයි ඒ ගැන ජිමින්ගෙන් අහන්න ඕන කියලා හිතාගත්තේ.

" ආහ්...... මට මුලින්ම මිස්ටර් කිම් මෙතැනට එක්ක එනකොට පොඩි පොඩි විස්තර වගයක් කිව්වා ...... මටත් නිකන් ඉන්න බෑනේ ...... මං ගිහිල්ලා පොඩ්ඩක් ⁣හෙව්වා ..... එතකොට ඒ කාලේ පත්තරෙක මේ ගැන සම්පූර්ණ ආටිකල් දාලා තිබ්බා..... මං ඒකෙන් මේ ගැන දන්නේ ...."

බලන් ගියාම ජිමිනුත් යොන්හට දෙවැනි නෑ.

" එතකොට ඔයාට කියන්න තියෙන දේ මොකද්ද ? "

You've reached the end of published parts.

⏰ Last updated: Nov 12, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

DEAR ANGEL ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉˢ Where stories live. Discover now