02 ❤

26 9 2
                                    

Jisoo's Pov,

At the park

College ඉවර වෙලා මායි සෝයායි දෙන්නම ගියා park එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

College ඉවර වෙලා මායි සෝයායි දෙන්නම ගියා park එකට. Park එකක් කිව්වට ඇත්තටම මේක Children's Park එකක්. මන් චුට්ටක් එහාට මෙහාට කැරකි කැරකි ඉන්නකොටයි දැක්කෙ ice-cream truck එකක් තියෙනෝ. ඔන්න ඉතින් දැන් ළදරු මානසිකත්වය එලියට එනෝ.

-" ඒ.. ඒ... Ice-cream truck එකක් තියෙනෝ බන්. ගමුකො ගමුකො."

-" හරි එහෙනම් ඔයා ගිහින් අපි දෙන්නටම අරන් එන්නකෝ."

මන් sonic වගේ truck එක ලඟට දුවන් ආවේ Ice-cream දැකලා නැති එකෙක් වගේ.

-" මොනාද ඕනි flavours?"

-" අහ්ම්ම්..." මන් හිමීට මගේ ඇස් අරන් ගියේ menu එකට.

-" Chocolate. නෑ. Strawberry. නෑ. Raspberry. නෑ එක්කෝ Blueberry දෙන්න."

Shop එකේ කොල්ලා මූණ මොකාද වගේ කරන් Ice-cream දෙක දෙනකොට මන් සල්ලිත් ගෙවලා පනාව වගේ හිනාවකුත් දාලා ඉක්මනට සෝයා ලඟට දුවගෙන ආවා.

-" ඇයි මොකෝ වුනේ?"

-" නෑ මොකුත් නෑ." මන් සද්දෙ නොකර Ice-cream එක කන්න ගනිද්දි සෝයා එකපාරටම මහසෝනා වගේ මගේ අතට ගැහුවෙ නැතැයි. තව පොඩ්ඩෙන් මගෙ ice-cream එක ඉස්මොලේත් යනෝ.

-" මොකද වදේ?!?!?!" මන් ටිකක් හයියෙන් ඇහුවා.

-" ශ්..ශ්.. කෑගහන්න එපා යෝධියේ... අර බලන්නකෝ කවුද ඇවිත් ඉන්නෙ කියලා."

-" කෝ??" මන් ඉස්සි ඉස්සි බලනකොටයි දැක්කෙ. ජිමින්. ටේහ්යූනුත් ඉන්නවා. මුන් දෙන්නා මොකද මෙහෙ කරන්නෙ. WAIT!!!! ඒ කියන්නෙ මේකයි හොරේ.

-" මට ඉවෙන් වගේ දැනුනා park එන එකේ මොකාආආආක් හරි යටි අරමුණක් ඇති බව. හ්ම්ම්..." මන් මගේ Sherlock Holmes version එක ආරූඪ කරගෙන වැඩ්ඩා වගේ කිව්වා.
.
.
.
.
.

Dear_Iridium_High [Ongoing]Where stories live. Discover now