ඔයාට ඩෝර්ම් එකේදි හියොන්ලා හයදෙනෙක් හම්බුනා. එතනින් කෙනෙක් නම්ජුන් වුන එකට ඔයා වගේම මාත් ගොඩක් සතුටු වුණා. ඔයා දවසින් දවස ඔයාගෙ මාර්ගයේ ඉදිරියට යනකොට ඔයා ලඟට ලං වෙන එක අමාරු වුනා. ඒත් මං වැඩේ ලේසියෙන් අතෑරියෙ නෑ.

ඔයා ස්කූල් යනවා එනවා ප්‍රැක්ටිස් යනවා......ඔය විදිහට තමයි ඉතුරු අවුරුද්දම ගතවුණේ. ඔයාට ඒ කාලෙ සේහාව බලන්න යන්න තියා එයත් එක්ක කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් ඔයාගෙ හීනෙ වෙනුවෙන් ඔයා ගොඩක් ඉවසුවා කියලා මම දන්නවා.

ඒ ඉවසීමෙ ප්‍රතිඵලයක් විදිහට ඔයා ඊට මාස කිහිපයකට පස්සෙ ඩිබියුට් වෙනවා. එදා මමත් ඒ වීඩියෝ එක බැලුවා. ඔයා හරි හරියට බෑඩ් බෝයි කෙනෙක් වගේ රඟපාන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් ඔයා හරි හුරතල් පණ්ඩිත කොල්ලෙක් විදිහටයි මට නම් පෙනුනේ.

ඔයාගෙ ඩිබියුට් එකෙන් පස්සෙ ඔයා තවත් කාර්යබහුල වුනා. එතන ඉඳලා මං වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට ඔයාගෙ ලඟට ලං වෙනවා තියා ඒ ගැන හිතන්න වත් බැරි වුණා. ඒත් මම ඔයාගෙ පස්සෙන් මට පුලුවන් හැමවෙලේම හිටියා.

ඔයා මගෙන් අහලා තිබුනා මම කෙල්ලෙක්ද කියලා. ඔව් මම ගෑනු ළමයෙක් තමයි. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නත් ඔයාගෙ හැම ප්‍රශ්නෙටම මම උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.

_IKY_

End of Article........


"ජංගුක්.......මේ කෙනා ඔයාට ආදරේ කරන කෙනෙක් ද?"

"අනේ මන්දා හියොන්......... ඒත් එහෙනම් එයා ඇයි මගේ ලඟට ඇවිත් ඒ ගැන නොකිව්වෙ."

නම්ජුන් අහද්දි ජංගුක්ටත් හිතාගන්න බැරි වුණා මේ කෙනා එයාට ආදරේ කරනවද කියල. ඒක එයාට ලොකු ප්‍රශ්නයක්.

"පෝස්ට් එකක් දාලා එයාගෙන් අහමුද?"

ටේහ්යොන්ග් ඒ යෝජනාව කලේ හැමෝටම මේක දැනගන්න එක ගොඩක් වැදගත් නිසා. ඒත් ජංගුක් මෙච්චර දවසක් එහෙම නොකර ඉන්නත් හේතුවක් තිබුණා.

"මම එහෙම කරනවා නම් පෝස්ට් එක දාන්න වෙන්නෙ සෝෂල් මීඩියා වල. එතකොට එයාට උත්තර දෙන්න වෙන්නෙත් ආර්ටිකල් එකකින්. ඉතින් එතකොට ඒක හැම කෙනෙක්ම දැනගන්නවා. එයා දෙන මොකක් හරි උත්තරයක් නිසා ෆෑන්ස්ලා කලබල වෙයි කියලා මට බයයි."

Your Diary || JJK ✓Место, где живут истории. Откройте их для себя