CHAPTER 15 - The New Wonderland

Start from the beginning
                                    

"අර අතම පොලිස්කාරයෙක් ඉන්නවා පරිස්සමින් ජංකුක්" ටේහ්‍යන් ජංකුක්වත් ජංකුක් ටේහ්‍යන්වත් ආරක්ෂා කරමින් සෙමෙන් සෙමෙන් පොලිස් නිළධාරීන්ගේ දෑස් වලට නොපෙනී ඔවුන් ඔවුන්ගේ මෝටර් රථය අසලට පැමිණෙන්නට විය එහෙත් ඔවුන්ගේ අවාසනාවට පොලිස් නිළධාරියෙකු විසින් ඔවුන්ව දැක ජංකුක්ව ඉලක්ක කර වෙඩි තබන්නට වූ අතට එය මෝටර් රථයේ වම් පස ජනේලයට වැදී එය කුඩු විය.

"එන්න ටේහ්‍යන් ඉක්මනට නගින්න" ජංකුක් එම සිදුවීමේන් කලබලයට පත්ව ටේහ්‍යන්ව ඉක්මනින් මෝටර් රථය ගොඩනංවාගෙන ඔහුද එයට නැග හැකි ඉක්මනින් මෝටර් රථය ධාවනය කරමින් යන්නට විය එහෙත් පොලිස් නිළධාරීන් ජංකුක්ගෙ දෙසට නොකඩවා වෙඩි තැබූවත් ඒ එකකින්වත් ජංකුක් හට හානියක් සිදු වූයේ නැත.

"ශිට් පැනගත්තා නේද මූ" ජංකුක් නැවත වතාවක් ඔවුන්හට හසුනොවී සිටීම පොලිස් නිළධාරීන්ගේ කෝපය ඉහල යෑමකට මුල පිරීමක් විය.

"අර ටේහ්‍යන් කියන කෙනා කැමැත්තෙන් වගේනෙ ගියෙ දැක්කද ? "

"ඔව් ඔව් මේක කිඩ්නැප් එකක්ද එහෙම නැත්නම් වෙන සෙල්ලමක්ද ? "

"සමහරවිට මොනාටහරි බ්ලැක්මේල් කරලා වෙන්නැති ඒ ළමයව අරගෙන ගියෙ" මෙම විවිධ වූ කතාබහ මධ්‍යයේ ඔවුන් ජංකුක් ධාවනා කරනා මෝටර් රථය පසුපස හබායන්නට වූයේ කෙසේ හෝ ඔහුව හසුකරගත යුතු නිසාය.

"ජංකුක් එයාලා පස්සෙන්ම එනවා" අධික වේගයෙන් ධාවනය වන මෝටර් රථයේ ඉදිරියේ සිට පසුපස බැලූ ටේහ්‍යන් එසේ පවසන්නට විය.

"ඔව් අපි කොහොමහරි බේරෙමු"

"ඒත් එයාලා නවතින්නෙ නැහැනෙ ජංකුක් දිගටම එනවා "

"පොඩ්ඩක් ඉන්න " ජංකුක් එසේ පවසා ඔහු ධාවනය කරමින් සිටි මෝටර් රථය එක්වරම අසල ඇති කැලෑවකට හැරවූ අතර ඔහු එම කැලයේ ඇති අතුරු මාර්ගය මැදින් අධි වේගයෙන් මොටර් රථය පදවාගෙන යන්නට විය ඔහුගේ එම ක්‍රියාවත් සමග පොලිස්සියට ඔහුව මගහැරුනු අතර ඔවුන් කැලෑවේ මද දුරක් පැමිණ අතරමං විය.

"මේ මිනිහා අපිව අතරමං කරලා පැනගත්තා"

"නෑ ඔෆිසර් ජංකුක් මේ ළගම ඇති "

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now