CHAPTER 06 - He Got Family Issues

337 48 1
                                    

එම ගත වූ දින මුළු රැයම එකිනෙකා හා ආදරයෙන් ගෙවා දැමූ ජංකුක් සහ ටේහ්‍යන් උදෑසන හතට පමණ අවදි වූයේ හොදින් හිරු එළිය ටේහ්‍යන්ගෙ විවර කර ඇති ජනේලය හරහා ඔවුන්ගේ මුහුණ මතට වැටුනු නිසාය.

"ගුඩ් මෝනිං ජංකුක්"

"ගුඩ් මෝනිං ටේහ්‍යන්"

"දැන් නම් උදේ වෙලා උදේට බ්‍රෙක්ෆර්ස්ට් අරගෙනම යන්න ජංකුක්"

"තැන්ක්ස් ඒත් මම යන්න එපැයිනේ ටේහ්‍යන් ඊයේ රෑ ඉදන්ම මම මෙහෙ නෙ ඉන්නෙ "

"ඉතින් තව ඉන්න "

"ඒක හරි නැහැනෙ ටේ අනික අපේ ගෙදර අය මාව හොයනවා ඇති දැනටමත්"

"එයාලා හොයනවනම් ඇයි තාම ඔයාට කෝල් එකක්වත් නැත්තේ" ටේහ්‍යන් එසේ ඇසූ පැනයෙන් ජංකුක් මදක් කලබලයට පත්විය.

"ම්ම්...මේ එහෙම නෑ මම...මේ මේ නම්බර් එක දීලා නෑ එයාලට" ජංකුක් ගොතගසමින් ටේහ්‍යන් දෙස බලමින් සහ නොබලමින් එසේ පවසන්නට විය එහෙත් ඒ පිළිබද කිසිදු සැකයක් නොසිතා ඔහු පැවසූවේ සත්‍යක් යැයි සිතා ටේහ්‍යන් යලිත් සුපුරුදු ලෙස කතාබහ කරන්නට විය.

"හරි ඒකට කමක් නෑ ඔයා මොනාද අද කරන්න හිතන් ඉන්නෙ ජංකුක්"

"තාම හිතුවෙ නෑ මම දැන් ගෙදර යන්න ඕනේ ටේහ්‍යන් "

"හම් ඕකෙ එහෙනම් අපි පස්සෙ හම්බ වෙමු"

"ටේහ්‍යන් අයි ලව් යූ " ජංකුක් එසේ නැවතත් තම ආදරය ප්‍රකාශ කර පෙර දිනයේදී ගලවා දැමූ සිය ඇදුම් නැවත ඇද ඔහු පැමිණි අයුරින්ම ජනේලයෙන් පිටත් වන්නට විය.

"අනේ මේ පිස්සු ජංකුක් ජනේල් වලින් පනින්න ගනීද දන්නෑ ආයෙත්" ටේහ්‍යන් ජංකුක් ඔහුගේ නිවසින් පිටවන අයුරු බලා සිටිමින් එසේ තනිවම මුමුණන්නට විය.

"ටේහ්‍යන් ඔයා කාමරේ ඉන්නවද ? " ඒ මොහොතේම ටේහ්‍යන්ගෙ කාමරයේ දොරට තට්ටු කරමින් ඔහුගේ දෙවෙනි සොහොයුරා වන කිම් හෝ ජූන් ටේහ්‍යන් හට අමතන්නට විය.

"ඕහ් පොඩ්ඩක් ඉන්න" නිරුවතින් සිටි ටේහ්‍යන් හදිස්සියේම සිය සොහොයුරා පැමිණි නිසාවෙන් ඔහුගේ ඇදුම් ඇදගන්නට වූ අතර ටේහ්‍යන් පසුව ඔහුගේ කාමරයේ දොර විවර කරන්නට විය.

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now