CHAPTER 13 - His Saddest Secret

240 46 8
                                    

ජංකුක් ගෙ නායකත්වයෙන් යුත් ඔහුගේ පාතාල කල්ලිය දිගු කලක සිට සෝල් නගරයේ අපරාධ රැසකට චෝදනා ලැබ සිටින්නට විය ඒන්ජල් විසින් පොලිස්සියට කට උත්තර ලබාදීමේදී ජංකුක් ගැන සදහන් කරන්නට වූ නිසා ඔවුන් නිසැකවම පවසා සිටියේ ජංකුක් විසින් ටේහ්‍යන්ව පැහැරගෙන ඇති බවටයි ඒ ජංකුක්ව ඒවනවිටත් වෙනත් අපරාධ රැසකට සොයමින් සිටි නිසා සහ ඔවුන් ජංකුක් ගැන නිසි අවබෝධයකින් සිටි නිසාය එහෙත් ජංකුක් සතු සූක්ෂමව බුද්ධිය නිසාවෙන් ඔහු පොලිස්සියෙන් බේරි කට්ටි පනිමින් දිගු කලක සිට සෝල් නගරයේම රැදී සිටින්නට විය.

"මොකක් ජංකුක් කියන්නෙ අන්ඩර්වර්ල්ඩ් කෙනෙක් ඒත් එයා කිව්වනේ අපිව අවුරුදු දහයකට කලින් හම්බ වෙලා තියෙනව වගේ කතා ගොඩක්" ඒනජල් හට පොලිස් නිළධාරීන් සත්‍ය පවසා සිටි නිසා ඇය පුදුමයටත් කලබලයටත් පත්විය.

"ඒ එයාගෙ ප්ලෑන් එකේ කොටසක් මීට කලිනුත් ගෑනු ළමයෙක්ව කිඩ්නැප් කරලා රේප් කරලා තිබ්බා ජංකුක් ඇන්ඩ් එයාගෙ ගෝලයෝ ඉතින් ජංකුක් ඒ ගෑනු ළමයටත් කිට්ටු වෙලා තිබ්බෙ ඔය වගේම කලින් දන්නවා වගෙ බොරු කියලා "

"එතකොට ඔෆිසර් ඒක ජංකුක් කරේ හිතා මතාමද එහෙම නැත්නම් වෙන කාගෙ හරි ඕඩර් එකකටද ? "

"ඒ හැම දෙයක්ම ජංකුක් කරල තිබ්බෙ ඒ ගෑනු ළමයගෙ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් දුන්න ඕඩර් එකට"

"දෙයියනේ මට ටේ ගැන බයයි" ඒන්ජල් බියෙන් හඩන්නට විය.

"අපිට තාම හිතාගන්න බෑ කවුද ටේහ්‍යන්ට මේ වගේ දෙයක් කරන්න ඕඩර් එක දුන්නෙ කියන එක මොකද ඔයාගෙයි එයාගෙ අම්මගෙ ස්ටේට්මන්ට්ස් වලින් කිසිම හතුරෙක් ගැන සදහන් උනේ නෑ වෙන"

"ජංකුක්ව අල්ලගන්න ඔෆිසර් කොහොමහරි එයා දන්නවා ඇති ටේහ්‍යන් කොහෙද ඉන්නෙ කියලා"

"ඔව් අපි ටේහ්‍යන්ගෙ ෆෝන් එක ට්‍රේස් කරන්න භාර දුන්නා ඒකෙ රිපෝර්ට්ස් තව පැයකින් ලැබේවි එතකොට අපිට පුළුවන් ටේහ්‍යන් හිටියෙ හෝ ඉන්නෙ කොහෙද කියන එක දැනගන්න"ඒන්ජල් එසේ පොලිස් නිළධාරීන් සමග සාකච්ඡාව කර එම පොලිස් ස්ථානයෙන් පිටතට යන්නට වූයේ ඇය එනතුරු ටේහ්‍යන්ගෙ මව බලාසිටිනා නිසාය ඇයටද පොලිස් නිළධාරීන් එම සියලු කරුණු පවසා තිබුණි.

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now