CHAPTER 16 - Bad Luck For Love

221 41 2
                                    

ජංකුක් සහ ටේහ්‍යන් ගෙ නව වාසස්ථානය පිරිසිදු කරමින්ද ආදරය කරමින්ද එම දිනය ගත කරන්නට වූ ඔවුන් පොලි නිළධාරීන් කොයි මොහොතේ එහි පැමිණේවිද යන බියෙන් සිටියද එය ඔවුන් දෙදෙනා සගවාගෙන සැහැල්ලුවෙන් කාලය ගත කරන්නට වූයේ ඔවුන් දෙදෙනා පිළිබදවම සිතාය.

මේ අතරවාරයේදී විශාල කැලෑවේ අතරං වූ පොලි නිළධාරීන් සෝල් නගරයේ පොලිස් නිළධාරීන්ටත් බුසාන් නගරයේ නිළධාරීන්හටත් ඒ පිළිබද දන්වා තිබූ අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වී ඔවුන්ව එම ස්ථානයෙන් මුදවා ගැනීමය කටයුතු කරන්නට විය.

"මොකක් ටේහ්‍යන්ව බේරගන්න බැරි වුනාද ? " එම පුවත් පිළිබද ආරංචී වූ ටේහ්‍යන්ගෙ මව එසේ ප්‍රතිචාර දක්වන්නට විය ටේහ්‍යන් ජංකුක් සමග සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන බව නොදන්නා නිසා ඇය එසේ ශෝකයෙන් කල් ගෙවන්නට විය.

ටේහ්‍යන්ගෙ හොදම මිතුරිය වන ඒන්ජල්ද ඔහු පිළිබද වදවෙමින් පොලිස් නිළධාරීන්ගෙ පරීක්ෂණ පිළිබද තොරතුරු දැනගනිමින් කෙසේ හෝ ඔහුව බේරාගැනීමට කටයුතු කරන්නට විය.

මෙම සිදුවීම් සියල්ලම සිදුකළ ටේහ්‍යන්ගෙ පියා ඉතා සැහැල්ලුවෙන් ඔහුගේ එදිනෙදා කටයුතු සිදුකරමින් සිටි අතට ඔහුගේ වැඩිමහල් පුත්‍රයාද එසේම ඔහු මෙන් හැසිරිමින් සිටියේය එහෙත් කිම් හෝ ජුන් එලෙස හැසිරීමකින් තොරව තම බාල සොහොයුරාව බේරාගැනීමට උත්සහ කරමින් සැබැවින්ම ශෝකයෙන් සිටින්නට විය.

ජංකුක් සමග එක්ව හෝරා කිහිපයකින් ඔවුන්ගේ නව වාසස්ථානය පවිත්‍ර කළ ටේහ්‍යන්හට මීළගට වුවමනා වූයේ ස්නානය කර පිරිසිදු වීමයි.

"නාන්න ? අපෝ අපි යමු අර දිය ඇල්ලට" ජංකුක් ටේහ්‍යන් හට පුදුම හිතෙනා යෝජනාවක් කරන්නට විය.

"ඈ මම කවදාවත්ම දිය ඇල්ලකින් නාලා නෑ"

"ඒකනෙ අපි යමු ඒකෙන් නාන්න" ජංකුක්ගේ යෝජනාව මත ටේහ්‍යන් සහ ජංකුක් එහි ස්නානය කිරීම සදහා පිටත්වූ අතර ඔවුන්ට අවශ්‍ය තුවා සහ ඇදුම් එම අසල ඇති ජංකුක් සමග සුහද නිවසිකින් ලබාදුනි.

"ඒක නෙමේ ජංකුක් අපි දැන් නාලා මොකක්ද අදින්නෙ"

"නේකඩ් තමා ඉන්න වෙන්නෙ"

ROGUE | Taekook [ COMPLETED ]Donde viven las historias. Descúbrelo ahora