ජංකුක්ගෙ අතීත ප්‍රේම කතාව ඔහු දිගටම ටේහ්‍යන් හට පවසන්නට විය.
"වෙන් කළා කිව්වෙ මගෙ වයිෆ්වයි මගෙ දුවවයි එයාගෙ තාත්තා වෙන් කළා අදටත් එයාලා සෝල් වල හොදින් ජීවත් වෙනව ඒවගේම මම දැක්කා එයා ආයෙ බැදලා "
"ජංකුක් ඔයාට ආයෙ එයාව ලබාගන්න ඕන උනේ නැද්ද ? "
"මම එයාව ආයෙ ලබාගන්න මනුස්සයෙක් වෙලා එයාගෙ තාත්තා ගාවට ගියා ඒත් ඒ මිනිහා මාව තිරිසනෙක්ට වගේ ගහලා පන්නලා දැම්මා "
"එතකොට ඔයාගෙ වයිෆ් මොකක්ද කරේ"
"එයා මොනා කරන්නද එයාගෙ තාත්තගෙ තීරණයකට යටත් වෙනවා ඇරෙන්න එයාට කරන්න වෙන දෙයක් ඉතුරු වුනේ නෑ "
"ජංකුක් ඔයා කොහොමද ඒ දේවල් දරාගෙන හිටියේ"
"ටේහ්‍යන් මම ඒ දුකත් එක්කම තව ආගාධයකට වැටුනා මම ඩ්‍රග් ඇඩික්ටඩ් වෙලා මම දිගටම අන්ඩර්වර්ල්ඩ් ගේම්ස් දෙන්න ගත්තා මට මාව කොච්චර එපා උනාද කියනවනම් මම මාව දකින හැම කණ්නාඩියක්ම කඩලා දැම්මා ඒතරම් මට මාව පිලිකුල් ඒවගේමයි මම පිස්සෙක් වගේ මිනිස්සු මැරුවා එක දවසෙ දරුණු වැඩ දෙක තුණ කරා සමහර ඒවා අහුවෙන්නම කරන්න උනා ඒකයි පොලිස් කේස් පුරෝලා තියෙන්නෙ මගෙ නම" ජංකුක් ඔහුගේ අතීතයේ ශෝකයට ගැලූ කදුලු ටේහ්‍යන් විසින් පිසදන්නට විය.
"ඔයා මට ආදරේ කරා නේද ඒත්" ටේහ්‍යන් ඇසුවේ ජංකුක්ගෙ මුහුණ පිරිමදිමින්ය.
"ඔව් මම ආදරේ කරා නෙමේ මම ඔයාට තවම ආදරේ කරනවා " ජංකුක් පැවසූ දෙයින් ටේහ්‍යන් සතුටට පත්වී ජංකුක්ව වැළදගන්නට විය ජංකුක්ද ටේහ්‍යන්ව වැළද ගත්තේ කිසිදු පැකිලිමකින් තොරවය.
"ජංකුක් ඔයාට තාම චාන්ස් එකක් තියෙනව හොද මනුස්සයෙක් වෙන්න බලන්න ඔයාට කොච්චර සංවේදී හදවතක්ද තියෙන්නෙ කියලා ප්ලීස් මන් වෙනුවෙන් ඔයාගෙ ඔය රස්සාව අත්හරින්න ප්ලීස්" ටේහ්‍යන්ගෙ ඉල්ලීමට කිසිදු කලබලයකින් තොරව සවන් යොමු කළ ජංකුක් ඒවනවිටත් ටේහ්‍යන් වෙනුවෙන් එය තීරණය කළ අවසන්ව තිබුණි.
"ඒත් ටේහ්‍යන් මාව ඇරෙස්ට් කරාවී ඔයාව කිඩ්නැප් කරාට විතරක් නෙමේ මගෙ පෙර වැරදි වලටත් එක්කම මාව ඇරෙස්ට් කරාවී"
YOU ARE READING
ROGUE | Taekook [ COMPLETED ]
FanfictionROGUE - රෝග් - මැරයා Taekook Completed Categories - Romantic Thriller , Comedy , Mystery & Crime උපතේ සිට මරණය තෙක් ජීවන ගමනේදි අප හට හමුවන දහසක් හදවත් අතුරින් අපගේ හදවතේ ළැගුම් ගන්නේ ඉතාම හදවත් අතළොස්සකී... ප්‍රේමයත් ඒ අතළොස්සෙන් එක් හදවතකට උරු...