CHAPTER 04 - Tae Need Some Time Jk

367 59 6
                                    

ජංකුක් සමග ගත කරන්නට වූ දිනය කෙතරම් සුන්දරද යන වග ටේහ්‍යන් සිය නිවස වෙත යනතෙක්ම සිතන්නට වූ කාරණාවකි, සවස හය පමණ වන විට සිය නිවස නොහොත් බංගලාව වෙත පැමිණි ටේහ්‍යන් පුරුද්දක් ලෙස සිය මවව හමුවීමට ඇයගේ කාමරය වෙත යන්නට විය.

"ආ ටේහ්‍යන් රස්තියාදුවෙ ගියාද ? "ටේහ්‍යන් තම මවව මුණගැසීමට යන්නට වූවත් ඒ අතරමගදී සිය සොහොයුරා ජින් එසේ ඔහුට අමතන්නට විය.

"මම යාලුවෙක් හම්බවෙන්න ගියා" ටේහ්‍යන්ගෙ පිළිතුර කෙටි විය.

"ඔහොමද ඉස්සරහට ඉන්න හදන්නේ" ජින් විසින් ටේහ්‍යන්ව තවත් පීඩනයට පත් කරේ සිතාමතාමය.

"මට ඕන විදිහකට මම ඉන්නවා" ටේහ්‍යන් ඔවුන්ගේ සංවාදය එසේ නිමා කර තම මව මුණගැසීමට ඇයගේ කුටිය වෙත යන්නට වූවත් ඇය එහි නොසිටි නිසා තම කුටිය වෙත යන්නට වූයේ පිරිසිදු වීම සදහායි.

"ජංකුක් එක්ක හිටිය වෙලාවේ මට මාරම සැහැල්ලුවක් දැනුනෙ හරියට මම ජීවත් වෙනව වගේ ෆීල් එකක්" ටේහ්‍යන් තම නානකාමරයේ කැඩපත ඉදිරියට ගොස් තමන් සමගම කතා කරමින් ජංකුක්ව සිහි කරන්නට විය එහෙත් ප්‍රාතිහාරයක් මෙන් ඒ මොහොතේම ජංකුක් විසින් ටේහ්‍යන් හට දුරකථන ඇමතුමක් ලබාගත්තේ ටේහ්‍යන්ව පුදුම කරමින්ය.

"ඕහ් මෙයාට දිවැස් තියෙනවද මන්දා මම එයා ගැන හිත හිත හිටියා කියලා කොහොම දැනගෙනද " ටේහ්‍යන් එසේ සිතමින් නානකාමරයේ සිටම කිසිදු මැලිකමක් නොදක්වා ජංකුක්ගේ ඇමතුමට ප්‍රතිචාර දක්වන්නට විය.

"හෙලෝව් ටේහ්‍යන් "

"හායි ජංකුක්"

"මොනාද කරන්නෙ ඔයා"

"මුකුත් නෑ "

"බොරු කියන්න එපා "

"මම වොශ් එකක් දාගන්න හැදුවේ"

"අපෝ දැන්ද වොශ් දාන්නේ"

"ඔව් දැන් තමයි ඉතින්"

"ඒක නෙමේ ඔයාට එපා වුනේ නෑ නේද මාත් එක්ක අද දවස ගතකරලා"

"පිස්සුද අද දවස තමා මගෙ ජීවිතේ මම සතුටින්ම හිටිය දවස"

ROGUE | Taekook [ COMPLETED ]Donde viven las historias. Descúbrelo ahora