CHAPTER 07 - Best People In Tae's Life

230 47 5
                                    

ජංකුක් ටේහ්‍යන්හට පැවසූ ලෙසම ඔහු ටේහ්‍යන් සිටි වෙරළ තීරයට පැමිණෙන්නට විය එහි පැමිණ ඔහුට ටේහ්‍යන්ව ඉතා පහසුවෙන් සොයාගත හැකි වූ අතර ඔහු අසලට ගොස් අසුන්ගෙන ඔහුව වැළද ගන්නට විය.

"තැන්ක්ස් ජංකුක් ඔයා මෙහෙම ආවට"

"එනි ටයිම් ෆෝ යූ ලව්"

"ජංකුක් ඔයාට එපා වෙන්නෙ නැද්ද මාව බලන්න දැනටමත් මාව ඔයාට එපා වෙලා ඇති මේ ඩ්‍රාමාස් නිසා"

"එහෙම දෙයක් හිතන්නවත් එපා ඔයාව මට වටිනවා මොකද ඔයානෙ මම ආදරේ කරන කෙනා ඉතින් ආදරේදී මේ වගේ ප්‍රශ්න එනවා අපි ඒවට ෆේස් කරන්න ඕනෙ හරියට"

"තැන්ක්ස් අගේන් ජංකුක් ඔයාව මට වටිනවා"

"ඔයා මට ඔය තැන්ක්ස් කරන එක නවත්වනවද කරුණාකරල"

"හරි හරි ඉතින් මගෙන් ඔයාට ගැලවීමක් නෑ වගේ නේද මම අපි උදෙත් එකට ඉදලා ආයෙත් හම්බ වුනා නේද ? "

"මමනම් අවුරුදු ගාණක්ම බලාගෙන හිටියෙ එහෙම වෙනවට තමයි දැන් බලන්න මායි ඔයයි නිතරම එකටනෙ ඉන්නෙ" ටේහ්‍යන් ජංකුක්ගේ තුරුලේම සිට තමන්ගේ ශෝකය නිවී යන තෙක් ඔවුන් කතාබහ කරමින් කාලය ගත කරන්නට විය ඒන්ජල්ද ටේහ්‍යන් හට ඇමතුම් ගණනාවක් ලබාගෙන තිබුණු අතර ඇය ටේහ්‍යන්හේ මවගේ කීමට අනුව ඔහු පිළිබද සොයාබලන්නට විය එහෙත් ජංකුක් සමග සිටිනා ඒ මොහොතේ ඔහු වෙනත් කිසිම දෙයක් පිළිබද සිය අවධානය යොමු කරන්නට නොවීය.

"අර දැක්කද වයසක කපල් එකක්" එම මුහුදු වෙරළේ ඇවිද යමින් සිටි මහලු වැඩිහිටයන් දෙදෙනෙක්ව ටේහ්‍යන් හට පෙන්වා ජංකුක් පවසන්නට විය.

"වාව් ශෝක් නේද එයාලා තාම ආදරයෙන් ඉන්නවා"

"ඔව් අන්න එහෙමයි ආදරේ කරන්න ඕනේ අපි ඒවගේ ඉමුද ? "

"ඔව් ජංකුක් එයාලට ඉන්නෙ එයාලා දෙන්නා විතරයි වෙන්නැති"

"කවුද ඉතින් දන්නෙ එයාලා කොච්චර දුක් වින්දද කියලා ඔය වගේ සතුටින් ඉන්න"

"හම් ඒකනම් ඇත්ත අපිටත් බාධා ඒවී නේද ජංකුක්"

"ඔව් අනිවාර්යයෙන්ම අපි ලස්සනට ගමනක් යමු"

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now