CHAPTER 14 - Let Us Run Away

Start from the beginning
                                    

"අපි මේ රටින් ගිහින් ජීවත් වෙමු දන්නවද මම තාත්තට කියන්නම් අපිට උදව් කරන්න කියලා එයා උදව් කරයි එයා බලන් ඉන්නෙත් මාව ඉක්මනට මෙහෙන් යවන්න"

"ටේහ්‍යන් ඔයා දන්නවද එයා තමා ඔයාව කිඩ්නැප් කරන්න කිව්වේ" ජංකුක් අවසානයේ සත්‍ය හෙලි කරන්නට විය ටේහ්‍යන්ව ජංකුක් හට පැහැරගැනීමට පවසා ඇත්තේ වෙන අන් කිසිවෙකුත් නොව ඔහුගේම පියාය.

"මොක්....මොකක් තාත්තද එහෙම කරන්න කිව්වේ" ටේහ්‍යන් සංවේදීව හඩා වැටෙන්නට විය ඒ ඔහු කෙතරම් තම පියාත් සමග අඩු සබදතාවයක් තිබුණද ඔහු තම පියාට ආදරය කෙරූ නිසාය.

"ටේහ්‍යන් රිලැක්ස් ඉට්ස් ඕකේ ඔයාට ඔයාගෙ අම්මා ආදරෙයි එතකොට ඔයාට මම ආදරෙයි සෝ ඔයාට දුක් වෙන්න හේතුවක් නෑ" ටේහ්‍යන්ව සැනසවීමට ජංකුක් එසේ පවසන්නට වූවත් ඒ කිසිවක් ටේහ්‍යන්හට දැනුනු දුක නිවා දැමීමට සමත් නොවීය.

"ජංකුක් ප්ලීස් ඔයා දන්නවනම් කියන්න මොකක්ද එයාට එහෙම කරන්න හේතුව කියලා"

"ඔයාගෙ ලොකු අයියට ඔයාගෙ අම්මට අයිති බිස්නස් එකේ ශෙයාර්ස් ලියල දේවි කියල තමා එයා කිව්වේ"

"එයා කොච්චර මෝඩද ඒකට මාව කිඩ්නැප් කරන්න ඕනෙද ශිට්"

"ඇත්තටම ටේහ්‍යන් මම අද එයාට කෝල් එකක් ගත්තම එයා කට් කරා ඒත් එයා දවස් දාහතරක් ඔයාව තියාගන්න කිව්වා වගේම පස්සෙ ඔයාව මරන්න කියයි මට"

"ඔයා මාව මරන්න කමක් නෑ ඒත් මගෙ අම්මට ආරංචි වෙන්න දෙන්න එපා මන් දන්නවා ඒක කරන්න බැහැ කියලා ඒත් අපේ ආදරය වෙනුවෙන් ඒ දේ කරන්න"

"ඔයාට පිස්සුද ටේහ්‍යන් මම එහෙම දෙයක් කරන්නෙ නෑ ඔයා තමා මට ශෙරිල් ගෙන් පස්සෙ ලැබුන එකම අවංක ආදරය"

"ඒත් තාත්තට සැනසීමක් එන්නෙ මාව මැරුවොත් නේද එහෙනම් මට එච්චරයි ඕනේ"

"බොළද වෙන්න එපා මම ඔයාව මරන්නෙ නෑ පිස්සුද ඔය කතාව ආයෙ කියවන්න එපා මම මොනා කරාවිද දන්නැ ඔයාට ටේහ්‍යන්" ජංකුක් බියෙන් ටේහ්‍යන්ව වැළදගන්නට වූයේ ඔහුට ටේහ්‍යන්ව නැති කරගන්නට අවශ්‍ය නොවූ නිසාය.

"අහන්න ටේහ්‍යන් දැන් අපි අපේ අනාගතය ගැන හිතන්න ඕනේ වෙච්ච දේවල් සිද්ධ වෙලා ඉවරයි දැන් අපි දෙන්නටම අපි දෙන්නම ඉන්නවා අපි අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන් ජීවිතයක් හදාගමු"

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now