CHAPTER 06 - He Got Family Issues

Start from the beginning
                                    

"ඔයා කවුරුහරි එක්ක කතා කර කර හිටියද මේ කාමරේ" කිම් හෝ ජූන් ටේහ්‍යන්ව බියට පත් කරමින් අසන්නට විය.

"ඈ...නෑ මොකක්ද අයියේ එහෙම අහන්නේ "

"මට ඇහුනා තව කෙනෙක් කතා කරනවා වගේ ඒකයි"

"මම ඊයේ ෆිල්ම් එකක් බැලුවා" ටේහ්‍යන් මුසාවක් පවසා බේරෙන්නට උත්සහයක් ගත්තේ ඔහුගේ සොහොයුරාට කිසිදාක හොරයක් බොරුවක් කිරීමට ඔහුට හැකිවී නොමැති නිසයි.

"ආ ඒ ෆිල්ම් එකේ හිටියෙ නලුවො දෙන්නමද කොහෙද නේ" කිම් හෝ ජූන් එසේ ටේහ්‍යන්ව තවත් බියට පත් කර නැවතත් යන්නට විය ඔහු පිටවූ සැනින්ම තම කාමරයේ දොර වසාගත් ටේහ්‍යන් දිගු සුසුමන් හදිස්සියේ යවමින් ඔහුගේ බිය පාලනය කරගන්නට විය.

"අපේ අයියාට කවදාවත් බොරුවක් කරන්න බැහැ එයා දැනගන්නවා " ටේහ්‍යන් කුඩා කළ සිටම ඉතා හොදින් තම සොහොයුරන් පිළිබද අවබෝධයක සිටි අතර ඔවුන් සමග වඩා කිට්ටු සබදතාවයක් නොතිබුණද ඔහුගේ මව සෑම මොහොතකම ඔවුන්ව ශක්තිමත් සබදතාවයක තබා ගැනීමට උත්සහයක් දැක්වීය.

"ජංකුක් කරන වැඩ නිසා මට වෙන්නෙ මෙහෙන් යන්න ඒත් ඒකත් හොදයි මෙහෙන් යන්න වෙන එක අනික ඊයේ ජංකුක් ඇවිත් මාත් එක්ක ගතකරපු වෙලාව මට කවදාවත්ම අමතක නොවේවී" ටේහ්‍යන් තමන්ගේ සිතින් එසේ සිතමින් ජංකුක්ගේ ජායාරූපයක් ඔහුගේ ජංගම දුරකථනයෙන් බලමින් සිටියේ ඔහුද ජංකුක් හට ප්‍රේම කරනා නිසාවෙනි.

ජංකුක් ආ ලෙසටම ප්‍රවේශමෙන් ඔහුගේ නිවස බලා යමින් සිටි අතර ඔහුගේ අරමුණ වූයේ නිවසට ගිය මොහොතේම ටේහ්‍යන් හට දුරකථන ඇමතුමක් ලබාදීමටයි.

ටේහ්‍යන්ගෙ ජීවිතයට ආදරයක් ලැබී තිබෙනා සුන්දර කාලයක ඔහුට ඔහුගේ අනාගතය පිළිබද වෙනදාට වඩා සුබවාදී අයුරකින් සිතන්නට පටන්ගෙන තිබුණි ඔහුට ජංකුක් සමග ජීවිතයේ ඉදිරිය ගත කිරීමේ අරමුණින් ඔහු විදේශගත වීමටද තොරතුරු සොයා බැලූ අතර එවැනි තීරණකට විරුද්ධ වීමට කිසිවෙකුත් නොමැති බව ටේහ්‍යන් දන්නා කරුණකි.

"මොකක් තමුසෙ වර්ජින් නෑ ඕහ් ඔය කරගත්තේ එහෙනම්" ඒන්ජල් හට පෙරදා සිදුවූ දේවල් පැවසූ ටේහ්‍යන්හට ඇය එවැනි පිළිතුරක් ලබා දෙන්නට වූයේ ඇය සැබැවින්ම පුදුම වී සිටි නිසාය.

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now