CHAPTER 04 - Tae Need Some Time Jk

Start from the beginning
                                    

"බොරු කියන්න එපා ටේහ්‍යන් ඔයාගෙ ජීවිතේ වෙන කොච්චර ඒවගේ දවස් ඇතිද ? "

"මම මොකටද බොරු කියන්නෙ ජංකුක් ඇත්තටම අද ඔයා එක්ක හිටිය වෙලාව මම සතුටින් හිටියා"

"එහෙනම් අපි ආයෙ හම්බ වෙමු නේද ? "

"හරි ඒත් මම ඒන්ජල්ව එක්කගෙන එන්නෙ නෑ ඔයා එයාට වැඩිය ආස නැහැනේ"

"අනේ එහෙම එකක් නෑ මම එයාට ආස නැත්තෙ නෑ හැබැයි මම කැමති ඔයා එක්ක කාලය ගත කරන්න"

"ඔයා නම් මාරම කෙනෙක් ජංකුක්"

"ඇයි එහෙම කියන්නේ "

"නෑ ඉතින් ගොඩ කාලයක ඉදන් මාත් එක්ක කතා කරන්න බලන් ඉදලා ඔයා හරි ඉක්මනටම මගෙ හිත දිනාගත්තා නේද ?"

"ආ ඒකියන්නෙ මම ඔයාගෙ හිත දිනාගෙන ඉවරද දැන්"

"ඔව් නැතුව එතකොට ඔයාට කොහොමද ? "

"ඔයත් මගෙ හිත දිනාගත්තා"

ටේහ්‍යන් සහ ජංකුක් මෙලෙස මද වේලාවක් ඔවුන්ගේ දුරකථන සංවාදය පවත්වාගෙන ගිය අතර ඔවුන් එය අවසන් කළේ ටේහ්‍යන් හට පිරිසිදු වීමට අවශ්‍ය බව පැවසූ නිසාය ඉන් නොබෝ වේලාවකින් පිරිසිදු වී පැමිණු ටේහ්‍යන් ඔහුගේ කාමරයේ දැකගත හැකි වූයේ ඔහුගේ මවය.

"පුතා මම දැනුයි ගෙදර ආවේ"

"අම්මා කොහෙද ගියෙ මාත් එලියට ගිහින් ආපු ගමන් අම්මව හොයන්න ගියා"

"මම ගියා ඔයාගෙ සීයවයි ආච්චිවයි බලන්න"

"ඕහ් මම ගෙදර හිටියනම් මාත් එනව....ඉතින් එයාලා හොදින්ද අම්මා"

"සීයගෙනම් අසනීප තත්වෙ ටිකක් වැඩී ආච්චිනම් හිටිය වගේම ඉන්නවා"

"මම හිතන්නෙ අපි එයාලව අපිට පේන මානෙක තියාගන්න ඕනෙ අම්මා"

"ඔව් මම තාත්තා එක්ක කතා කරලා බලන්න ඕනේ එයාලව මෙහෙට ගෙන්න ගන්න එක ගැන"

"සමහරවිට එයා කැමති වෙයි"

"ඔව් ටේහ්‍යන් එයා කැමති වුනොත් හොදයි"

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now