"එහෙනම් ස්තුතියි! මට දැනුම් දෙන්න ඕනේ වුනු දෙය මං දැනුම් දුන්නා.. අද ඉදන් මට වගේම මගේ පුතාටත් සේවය කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.. " ජිහුන් වේදිකාවෙන් බැස්සේ, හමුවීම ඉවරයි කියලා හැමෝටම දැනුම් දෙමින්...

"එයාල හරිම disciplined!" ජන්කුක් තමන්ගේ තාත්තාගේ පිටිපස්සෙන් එයගේ ඔෆිස් එකට යන ගමන් තාත්තාගේ කනට මිමිනුවා...

"අනිවාර්යෙන්, ඔයාටත් එයාල වගේම හැසිරෙන්නේ වෙනවා ජන්කුක්.. ඔයාට හුගක් train වෙන්න වෙයි.." ජිහුන් තමන්ගේ ඔෆිස් රූම් එකේ දොර අරින ගමන් කිව්වා..

"අද ඉදන් මේක ඔයාගෙත් ඔෆිස් රූම් එක.." ජිහුන්, ජන්කුක්ට පෙන්නුවේ අවුරුදු ගානක් තිස්සේ මහන්සියෙන් එයා කරපු දේවල් අපතේ ගිහින් නැති බව පෙනන්නයි..

"මේ හැමදේම ඔයා පරිස්සම් කරගන්න ඕනේ..ඔයා මගේ එකම පුතා ජන්කුක්, ඔයා ගැන මට බලාපොරොත්තු හුගක් තියෙනවා.. ඔයාගේ අනාගතේ ගැනත්.." ජිහුන්,ජන්කුක් ගේ ඇස් දෙක දිහා කෙලින් බලන් කිව්වා..

'එහෙම නොතිබුනා නම්!' ජන්කුක් හිතුවා,එහෙම නොතිබුනා නම් සමහරවිට ජන්කුක් අද තමන් කැමති රටක තමන්ගේ කැමති මනුස්සයෙක් එකක් තමන් කැමති රැකියාවක් කරගෙන සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතය ගත කරනවා..

සාමාන්‍ය ජිවිතයක් කියන්නෙත් වැඩක් නැති දෙයක්! ප්‍රශ්න කරදරත් තියෙන්න ඕනේ!

නැත්නම් එක සාමාන්‍ය වැඩි! හීන තියෙන්න ඕනේ, ප්‍රශ්න තියෙන්න ඕනේ, වේදනාව තියෙන්න ඕනේ වගේම හැමදේම මැද්දෙන් හිනා වෙන්නම ඕනේ ජිවිතේ කියන දේ විදින්න නම්..

"Sir!" එක පාරටම දොරට තට්ටු කරේ අර කලින් ජන්කුක් දැක්ක තරුණයෝ දෙන්නමයි..

"ඔහ්හ් ජින්, ජිමින් එන්න.." ජිහුන් ඒ තරුණයන් දෙන්නට ඇතුලට ආරාධනා කරා..

"මේ ඉන්නේ ජන්කුක්" ජිහුන්ට කියන්න පුළුවන් වුණේ එච්චරයි, එක පාරටම එයාට call එකක් ආවා..

"අදුනාගන්නකෝ ඔයාලා, මං මේ call එක අරගෙන එන්නම්.." ජිහුන් හිනාවකින් හැමෝටම සංග්‍රහ කරලා එතනින් ගියා..

"Nice to meet you boss, Im Kim SeokJin.. You can just call me Jin!" එතැන හිටිය උස තරුණයා ජන්කුක්ට අතට අත දුන්නේ, ජන්කුක්ත් ඔහුට අත දෙද්දී..

Arranged marriage to my rival || TaekookWhere stories live. Discover now