* Chapter 03 *

273 53 25
                                    

" මේක හරි වැඩක් නෙමේ කුකී.ඔයාට මේකෙන් ප්‍රශ්නයක් වෙයි."

ජීහා එහෙම කිව්වෙ කාර් එක ඩ්‍රයිව් කරන ජන්කුක් දිහා බලගෙන.

" මට මොන ප්‍රශ්නයක්ද ? අනික කාගෙන් ප්‍රශ්නයක්ද ? "

" ඒත් වුනාට කුකී."

" එහෙනම් මොකක්ද ? ඔයාට මාව විශ්වාස නැද්ද ? "

" මන් එහෙම කිව්වෙ නෑනේ කුකී.ඔප්පගෙන් පස්සෙ මන් වැඩියෙන්ම විශ්වාස කරන්න ඔයාව."

"එහෙනම් ඉතින් ඔයා ඔයාගෙ මේ බෙස්ටා ගැන විශ්වාස කරන්නකෝ."

ජන්කුක් තමන්ගෙ බනී ස්මයිල් එක කෙල්ලට දාන ගමන් කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා .

ජන්කුක්ගෙ ඩිසිෂන් එක මොකක්ද කිව්වොත් කොල්ලා ජීහාට කිව්වෙ තමන් එක්ක සෝල් යන්න එන්න කියලා.
කෙල්ල මුලින්ම ජන්කුක් කිව්ව දේට අකමැති වුනත් පස්සෙ කොල්ලගෙන් බේරෙන්න බැරි නිසාම අන්තිමට කෙල්ලට වුනේ ජන්කුක් එක්ක සෝල් එන්න කැමති වෙන එක විතරයි .

" ඒ වුනාට කුකී මන් කියන්නෙ මේකයි.මන් හින්දා ඔයාට ප්‍රශ්නයක් වුනොත්.මට අපාට්මන්ට් එකක ඉන්න පුලුවන් ."

" එතකොට ඔයා කියන්නෙ මට මගෙ බෙස්ටිව මේ වගේ වෙලාවක තනිකරන්න කියලද ? කීයටවත් ඒකනම් කරන්නෙ නෑ ජීහා.මන් කීපාරක් ඔයාට කියන්න ඕනේද මට ඒක ප්‍රශ්නයක් නෙමේ කියලා.අනික මන් අනිත් මිනිස්සු කියන දේවල් ගැන කෙයා කරන්නෙ නෑ.
ඔයා මට වුනේ මොකක්ද කියලා කියන්නෙත් නැත්තන් මට මේ විදිහටවත් ඔයාට උදව් කරන්න දෙන්න ජීහා.
ඔන්න ඔයා මට මේක කරන්න ඉඩ දුන්නෙ නැත්තන් ඇත්තමයි මම මගෙ අනිත් අතෙත් ටැටූ ගහනවා."

" ඉතින් ගහන්නකො මට මොකෝ "

කෙල්ල හිනා වෙන ගමන් එහෙම කියද්දි ජන්කුක්

" ආ එහෙමද මැඩම්.එහෙනම් ඉතින් මන් හෙටම ගිහින් ටැටූ එකක් ගහගන්නවා."

" ගොන් අලියො ආයෙ එහෙම ටැටූ එකක් ගහනවා නෙමේ.එක අතක් පුරාවට ගහලා තියෙන්නෙ ඒක මදිද මහත්තයට.ආයෙ එහෙම ටැටූ එකක් ගහන් ගෙදර ආවොත් ගේම් සීඩී ටික බෝතල් පත්තර කාරයෙක්ට නිකන් දෙනවා මම."

* My You || JJK || ( On Going )Where stories live. Discover now