අසපුව

147 51 3
                                    

කිව්ව වගේම පොරරෑට රෑවෙලා ආවා.... හද අතේ අරං ඇවිත්ද කොහෙද?? මූ ආවා විතරයි මුලු ගේම එලියයි අම්මපා.. මායි මලයයි හිටියට මෙච්චර එලියෙ නෑනෙ සාන්ත.

"අහ්.. අම්මා... මේ තමං අර මං කිව්ව අලුතෙන් ආව ඉංග්‍රිසි සර්. ජයෝන් ජින්ග්කුක්."

මං ජයෝන්ව හදුන්වලා දුන්නම ආයෙම හරි හොල්මන ගහපු බැල්මට් එක දැම්මා.. ඒ පාර මූ ටයිල් ගනන් කරනවා. ඇයි අනේ මං වැරදි දෙයක්වත් කිව්වද?

"අයියො අක්කෙ... අයියගෙ නම ජියෝන් ජංකුක්"

ඔහෙප්පලයන්... මූ ඒවා දන්නෙ කොහොමද? ඊටත් වඩා මූට ජයෝන්ව අයියා උනේ කවද්ද? අනේ අම්මපා මුං ඔක්කොම මට කොලේ වහලා මෙතන වෙන ගේමක් යනවා වගේ.

සැක් ඊටත් වඩා ලැජ්ජාව... මෙයා ජයෝන් නෙමේලු ජියෝන් ජංකුක්ලු..

"ආා.. ඕනෙ කෙහෙල්මලක්. තොට ඒ බඩකඩිත්තු වලින් වැඩක් නෑනේ. හිපාටු හාල්මැස්සා ඒක නෙමෙයි ඔහේ ඒවා දන්නෙ කොහොමද?"

මාත් ලැජ්ජාව කියලා සෙකන්ඩ් උනාද?? පිස්සු නැත්තම් හොදයි.

"අයියෝ.. අක්කෙ සුමී නංගි ඉන්නෙත් මගෙ ෆැකල්ටියෙම මගෙ බැජ් එකේමයි.. අපි දෙන්නා හොද යාළුවො. අක්කට කලින් මං අයියව අදුරනවා."

ඔහෙප්පලයන් නයි කයිද පොලොස්මැල්ලුම් කිව්වලු. මුං ඔ⁣ක්කොම මාව හදාගත්ත එකා ගානට දාලා ඉන්නෙ දැන්.. ජියොන්ගෙ නංගි අපේ ගොබ්බ මලයගෙ හොදම යාළුවලු.. මටත් කලින් මේ ගොබ්බ හාවව මලයා දන්නවලු.. ඌ ජයෝන් නෙමෙයිලු ජියෝන්ලු..

අහෝ දෙව්දත් නොදුටු මොක්පුර!!

එනිවේ... සුමී නංගිටයි මගෙ ගොබ්බ මලයටයි පින්සිද්ද වෙන්න අම්මා අසපු යන්න හා කිව්වා.. ඒත් කලින්ටත් වඩා ලොකු කොස්සක්.. මලයවත් අසපු ඇදන් යන්න වෙනවා..

මට මැවිලා පේනවා.. අසපුවෙ හාමුදුරුවො ඇබිද්දට කියලා මායි මලයවයි පයින් ගහලා එලියට දාලා මගෙයි උගෙයි පශ්චාත් බාගෙ ලෙප්ට් වෙන හැටි.

කතා කොරගත්තු විදියට මායි ජියොනුයි මලයයි සුමී නගායි අසපු යන්න ලෑස්ති උනා..

කා එක ඩ්‍රයිව් කරේ ජියෝන්.. සුමී නගා ඉස්සරහ හිටියෙ මායි මලයයි පිටිපස්සෙ හිටියෙ.. ඕකට කා ඩ්‍රයිවින් බැරි නිසානෙ මේ ඔක්කොම. හිටුකො අතට කීයක් ලැබුන ගමන් මූට කාර් පදින්න උගන්නන පංතියකට දානවා. ඇයි යකෝ මං ජියෝන් එක්ක ඉස්සර ඉන්න හැදුවෙ කොහෙද මලයට සූමි නගා.ළඟ.ඉදං යද්දි නිකං උට කහනවා කහනවා වගේලු.. ඒක හිංදා මාව පිටිපස්⁣සට අරගෙන නගාව ඉස්සරහට දැම්මා.

ඉංගිරිසි Gura|JJK|✔|Where stories live. Discover now