සපැමිණීම

379 68 22
                                    

හොරොව්පතාන ජාතික පාසලෙ 11 C තිබ්බෙ හරියටම ඔෆිස් එක පේන මානේ.. පංතියෙ කෙල්ලො හිටිය පේළියට ඔෆිස් එකට යන එන හැම බූතයම ෆුල් HD තාක්ෂණයෙන් බලාගන්න හැකියාව තිබ්බා. අමා මිස්ගෙ විද්‍යා පීරියඩ් එක වෙලාවෙ මේ කෙල්ලො ටික ඔෆිස් එක පැත්තටම ඇස් දාං ඉන්න එක අමාමිස්ට දැං හෙන ප්‍රශ්නෙ... බලං ඉදලා බැරිම තැන සාරි පොටත් හදාගෙන ඔෆිස් එක පැත්තට ඔලුව දාලා අමා මිස් බැලුවා.

හප්පොච්චේ සූකිරි පාට ගුරෙක්... අලුතෙන් සර් කෙනෙක් එනවා කියලා කලින් දැනුවත් ⁣කරලා තිබ්බට මේ තරං හැන්ඩි සර් කෙනෙක් එයි කියලා අමා මිස් නෙමෙයි ප්‍රින්සිපල්වත් හිතුවෙ නැතුව ඇති.

"ඔය ළමයි මොනාද බලන්නෙ... කටවල් වහගෙන පොත බලාගෙන දුන්න වැඩේ කරනවලා."

ඔෆිස් එක පැත්තෙන් ඔලුව ගත්ත අමා මිස් කෙල්ලො ටිකට ඔරවලා බලන ගමන් කිව්වා...

අමා මිස් බලං උන්නෙ අලුත් ඉංගිරිසි ගුරාව මීට් වෙන්නමයි.. ඒත් කොහෙද උදේ ඉදලා අමා මිස්ට ඕෆ් එකක් තිබ්බෙම නෑ.. තිබ්බ එකම ඕෆ් එකෙත් රිලීෆ් දාලා කිය කිය තට්ට පිනාට සාප කරකර තමා මිස් දවසම උන්නෙ..

AMA POV.
"තට්ට පිනා ලබ්බෙ පිනා බඩ පුම්බලා උඩ ඇරියා දවස් හතක් උඩ හිටියා මගෙ කසාදෙට බිම වැටුනා"

තිබ්බ එ⁣කම ඕෆ් එකෙත් මාව මරන් කෑව පිනාව බඩ පුම්බලා උඩ ඇරලා ආයෙ බිමට ගන්න හිතන් ඉන්නෙ මගෙ කසාදෙ දවසට... ඒ කියන්නෙ කවදාවත් පිනා පල්ලෙහාට එන්නෙ නෑ... නිගමනය.. මම කවදාවත් කසාද බදින්නෙ නැති බව.. සෝ ඉසි..

හරි හරි හරි... සොරි ඉතිං.. ටීච කෙනෙක් උනාට මගෙ පිට හැසිරීම ගැන මටම දුකයි. ඒත් ඉතිං කුමක් කරනුද හඩා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ..... ඉහි ඉහි.. මම අමන්‍යා... ඔය නම දැම්ම එකාට.. හෙන හත වැදිය.. ආ... ඒක ඉතිං දාලා තියෙන්නෙ මගෙ අතිජාත අයියන්ඩිනේ.. කමක් නෑ.. හැමෝම මට කියන්නෙ අමා මිස් කියලා ඉස්කෝලෙ එකේ දෙකේ ඇච්චො බැච්චොන්ගෙ ඉදලා දහතුනේ නසරානියො අමා මිස් කියද්දි ගමේ බහුශ්‍රැත උදවිය කියන්නෙනම් ඉස්කෝලෙ නෝනා කියලා... එතකොට මම උගන්නන්නෙ... විද්‍යාව... හයේ ඉදලා එකොලහටම සයන්ස් පොජ්ජ මන්දු කරන්නෙ මම තමා..ඉස්කෝලෙ... හොරොව්පතාන මහින්ද රාජපක්ෂ ජාතික පාසල.. වයස... අව්රුදු විසිඅටයි.... රිලේෂන්ෂිප් ස්ටේටස් එක.... සින්ගල් යෙට් 🙂

ඉංගිරිසි Gura|JJK|✔|Onde histórias criam vida. Descubra agora