-" 😅"

-" ඔයා එදාත් මන් ඇහුවම කිව්වෙ නෑ. කියන්නකෝ...ඔයා කලින් ඉදන්ම මට කැමැත්තෙන් හිටියද?"

-" ඔව්, මන් එහෙම කරා. ඒ වගේම ඔයත් එහෙම කරා කියලා මන් දන්නවා."

-"මොකක්.. මම.. නෑ.........."

-"නැත්තෙ මොකද?" එයා හිනාවෙවීම වැලමිටෙන් පාරක් මට ගහලා දිව්වා.

-"ආව්... රිදෙනවා... මෝඩයා!!!" මාත් කෑගහගෙනම පස්සෙන් එලවගෙන ගියේ අද නම් හොද පාඩමක් උගන්නනවා කියලා හිතාගෙනමයි.
.
.
.
.
.
.
.
.
Yoon-ha's Pov,

-"ම්ම්... දැන් තමයි ලස්සන. මන් කිව්වනේ... මෙහෙම තමයි ඔයාට ගැලපෙන්නෙ "

මන් කණ්නාඩිය ඉස්සරහට ගිහින් මගේ කොණ්ඩෙ බැලුවා. මො..මොකද්ද මේ කරලා තියෙන්නෙ...? අහ්ම්..... හැබැයි අමුතුම ලුක් එකකුත් තියෙනවා ඒකෙ. කොණ්ඩෙ ලස්සනට කඩාහැලෙන්න දාලා ඉස්සරහෙන් පුංචි කොණ්ඩ කෑලි දෙකක් පිටිපස්සට අරන් මල් වල රඳවලා ඔන්න මොකද්ද එකක් දාලා. 🙂

-"මට ඇත්තම මෙහෙම අහන්න වුවමනාවක් නෑ, මොකද මන් මගේ වැඩ ගැන දන්නවානේ. ඒත් අහන්න ඕනි නිසා අහන්නෙ, ලස්සනද?"

-"ඔව්........." මන් මිනීව තද කරලා බදා ගන්න ගමන් කිව්වා.

-"හරි හරි, අතාරින්න.." මිනී මාව බලෙම්ම එහාට තල්ලු කරලා මගෙ අතින් අල්ලන් දොර ගාවට එක්කගියා.

-"මින්හ්වා, මන් washroom එකට ගිහින් එන්නම්."

-"හරි එහෙනම්. පරක්කු නැතුව එන්න හොදේ..."

-"හරී..."
.
.
.
.
.
මන් washroom එක ඇතුලෙ ඉන්නකොට අඩි සද්දයක් ඇහෙන්න ගත්තා. මන් ඒක ගැන හිතන්නෙ නැතුව දොර අරින්න හැදුවත් දොර ඇරුනෙ නැහැ. අනේ... මොකද මේ... ඇයි මේක එලියෙන් අගුළු වැටිලා... මන් කොච්චර අරින්න හැදුවත් දොර ඇරුනෙ නැහැ.

-"කවුරුත් නැද්ද?!?!?!? මන් මේක ඇතුලෙ හිර වෙලා!!!"

මන් කීපසැරයක්ම කෑගැහුවත් කිසිම කෙනෙක් ආවෙ නෑ. හැමෝම ඇත්තෙ party එකේ. washrooms තියෙන්නෙ ටිකක් ඈතට වෙන්න නිසා කාටවත් ඇහෙන්නෙත් නැතුව ඇති. අනේ මන් දැන් මොකද කරන්නෙ 😟

Min-hwa's Pov,

ඇත්තටම මෙහෙම එලියෙ party දාන එකනම් ශෝක්. හරිම ලස්සනට සරසලත් තියෙනවා. මන් එලියෙ තිබ්බ table එකකට වෙලා ජූස් එකක් බිබී ඉන්නකොට ජීවූ මගේ පැත්තට ඇවිදගෙන එනවා දැක්කා. ආයිශ්.... කීසැරයක් කියන්න ඕනිද මෙයාට තේරෙන්න.😑

Love Tone ❤ [Completed]Where stories live. Discover now