07 ❤ (last episode)

7 5 7
                                    

Min-hwa's Pov,

-"යුන්හා....? මේ ඔයාද....?" මායි ජීවුයි ටික ටික සද්දෙ ආපු පැත්තට ගියේ ටිකක් බයේ.

-"මින්හ්වා... මන් මෙතන හිරවෙලා... උදව් කරන්න..."

-"යුන්හා ඔයා හොදින්ද? මොකද්ද වුනේ? ඇයි ඔයා-"

-"ඔය ටික පස්සෙ කතා කරගන්න. දැන් මේක අරින්න විදිහක් හිතන්න."

-"යතුර නෑනෙ"

-"එහෙනම් කඩන්න තමයි වෙන්නේ"

ජීවූ ටිකක් පස්සට ඇවිත්  හයියෙන් දොරට ගැහුවා. දොර නෙමෙයි හෙල්ලුනේවත්.

-"තව සැරයක් බලන්න." මන් කියව්වම ජීවු කීපවතාවක්ම උත්සාහ කරත් දොර ඇරුනෙ නැහැ.

-"ඇති යන්තම් ඉන්නවා." එහෙම කියාගෙන චන් එකපාරට හති ඇරගෙන අපි ලඟට ආවා. "කෝ යුන්හා?"

-"එයා ඇතුලේ. විස්තර කරන්න වෙලාවක් නෑ. අපිට දොර කඩන්න වෙනවා."

චනුයි ජීවූයි දෙන්නම උත්සාහ කරාම දොර ඇරුනා.

-"යු..යුන්හා.. ඔයා හොඳින්ද? ඔ..ඔයාට මොකද වුනේ..?"

-"මන් දන්නෑ මිනී.." එයාගෙ ඇස් වලින් කඳුලු වැටෙන්න ඔන්න මෙන්න වගේ.

-"ඉක්මනට යමු. දැනටමත් අරහේ මොනාවෙලාද දන්නෑ." කියන ගමන් චන් යුන්හාගේ අතින් අල්ලන් දුවගෙන ගියා. අපිත් එයාලගෙ පස්සෙන්ම ගියා.
.
.
.
.
.
.
.
Author's Pov,

Eun Kyung ලූනා ඔටුන්නද පැලඳ stage එක උඩට වී ගායනයට සූදානම්ව සිටියා.

-"ප්ලීස් ඉක්මනට එන්න.." සන්හී තවමත් ඔවුන් එනතුරු මග බලාගෙන සිටිමින් තමන්ටම මුමුණගත්තා. ඒත් එක්කම චන් යුන්හාත් සමග පැමිණෙන අයුරු දුටු විගස සන්හී ඔවුන් වෙත දිව ගියා.

-"මො..මොකද වුනේ?"

-"පස්සෙ කියන්නම්. මට දැන් stage එකට යන්න වෙනවා."

යුන්හා stage එක උඩට ගියත් Eun Kyung තමාගේ ස්ථානයේ සිටින අයුරු දැක්කා.

-"අහ්.. ඔයා ආවද?"

-"ඔව්, ඔයා මොකද මෙතන කරන්නෙ?"

-"හ්ම්.. ඔයා පරක්කු වැඩියි  යුන්හා. මමයි අද ලූනා Queen."

-"එහෙම වෙන්න බෑ.."

Love Tone ❤ [Completed]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें