හැමදේම සිද්ද වෙන්නේ හිතාගන්න බැරි විදිහට.... හිතුවට වඩා ඉක්මනට ගෙදර පහල තට්ටුවේ වැඩ ඉවර වීගෙන එන කොට මාරම එලියක් තිබුනේ.....
අප්පච්චි ඇස්වහ වදි කියලා කරන දේවල් වලට මට පවු කියලා හිතුනා.... ඒ අතරේ අපි දුප්පත් නිසා ආව ගිය නැති නෑයෝ එන්න ගත්තා..... හැමොම අම්මට කිව්වේ... කොල්ලට ඇස්වහ වදිවි නංගියේ මිරිස් ටිකක්වත් පුච්චහන් කියලා...... තවත් සමහරු කිව්වේ අපේ හත් මුතු පරම්පාරාවේ කිසිම කොල්ලෙක් මේවගේ වැඩක් කරලා නෑ කිව්වා... මේ තරම් පොඩි වයසට කියලා....
එත් ඇත්තටම මම මේ වෙන කොට කරලා තියෙන්නේ අපේ හත් මුතු පාරම්පාරවේ කිසිම පිරිමියෙක් මේ වයසෙදි නොකරපු ජාතියේ වැඩක් තමයි කියලා මගේ හිත කෑගහලා කිව්වා....
මේ හැමදේම අතරේ සෆ්රාන්ගේ ආදරයටත් සිමාවක් නෑ වගේම රන්ඩු කිරිල්ලෙත් සිමාවක් තිබුනේ නෑ... ඒත් මගේ හිත තාමත් තිබුන තැනමයි.... කිසිම වෙනසක් වෙලා නෑ.... මට තාමත් සෆ්රාන් කියන්නේ රන් පිල් කලඹක් විහිද ගත්ත මොනරෙක් විතරයි.... ඒ රන් පිහාටු වලින් මම කිසිම මහන්සියක් නැතිව හැමදේම කරගත්තා....
"මොකෝ බන් මිනිහා මැරිච්ච ගෑනි වගේ මූන හදාගෙන කරන්නේ....."
එක පාරට අකීශ ලගට ඇවිත් කෑගහන කොට මාව උඩ ගියා...... හිත කොහෙදෝ ඈතක ගිහින් තිබුන නිසා මට ඌ ලගට එනකම් දැනුනේ නෑ...
"නෑ මුකුත් නෑ බන්.........අද පොඩ්ඩක් ඇගට හරි නෑ වගේ...ඔලුවත් රිදෙනවා...."
"මොකක්...? යකෝ අද සෙට් වෙන්නේ නැද්ද....?"
"යකෝ පිස්සුද බන්? අර මිනිහා මාව මරයි..... ඌට මම බීලා ඉන්නවා දැක්කාම යක්ෂාවෙශ වෙනවා....."
"මොකක්ද යකෝ වෙලාතියෙන්නේ....."
"මුකුත් වෙලා නෑ හැමදාම උනා වගේ මොකෙක්ට හරි ඕන විදිහට මගේ ජිවතේ හසුරනවා එච්චරයි....."
"හරි හරි අවුල් වෙන්න එපා..... කොහොමද ගෙදර වැඩ....."
"පහල තට්ටුව සම්පුර්ණයෙන් ඉවරයි බන්.....මම හිතන්නේ අම්මලා ලබන මාසේ පිරිතක් කියයි... උඹත් වරෙන් පිරිත් අහලා දානේටත් ඉදලම යන්න.... ඒත් මේ මනුස්සයා වියදම් කරලා තියන විදිහට පිස්සු හැදෙනවා බැලුවහම.... "
BINABASA MO ANG
Alive But Dead || Yizhan
Fanfictionඑක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත...