"ජින් හියුන්ගෙන්..."ආයිශ් ටේහ්යුන්ග් නිකන් හිටපන් අච්චර උදව් කරන හියුන්ගෙන් ආපහු සල්ලි ඉල්ලන්න ලැජ්ජ නැද්ද?

Taehyung pov end...

Author pov...

ටේව බස්සලා ජින් ආපහු යන්න හැරුනේ ජන්කුක්ගේ ගෙදරට, ඒ යන අතර මගදි කෑම පාර්සල් ගොඩකුත් ගත්ත ජින් කෙලින්ම ඇවිත් කාර් එක නැවැත්තුවෙ ජන්කුක්ගේ ගේ ඉස්සරහමයි....

"ඕ තවම ජන්කුක් ඇවිත් නැති පාටයි..." ජින් කා එකෙන් බැහැලා ගත්ත කෑම පාර්සල් ටිකත් අතට අරන් ගෙදර දොර ගාවට ඇවිත් බෙල් එක ගැහුවා...

ඔය අතරේ හෝසොක් ගේ ඇතුලේ බෙරිහන් දිදී සිංදු කිය කිය එයාටයි ජන්කුක්ටයි කන්න කෑම හදන්න ලෑස්ති වෙනවා.

"ඕහ් මේ මගුල ඔන් වෙන්නේ නෑනේ..." ගෑස් එක කරකව කරකව එක පාරටම  හෝසොක් කෑ ගහන්න ගත්තා...

"ඕහ් හොබියෝ කේන්ති අරන් ඕක කඩන්න එපා ගිය සැරෙත් මතකනේ ගෑස් ලීක් වෙලා ගේ පුපුරපු නැති ටික විතරයි..." හෝසොක් එයාටම කියා ගන්න ගමන් ගෑස් එක ආපහු හෙමීට කැරකුවම පත්තු වුනා...

"හම්මෝ ඇති යන්තම්... කෝ මේ භාජනේ  ඔන්න ලිපෙන් තිබ්බා.. දැන් මේ වතුර ටිකත් එක්ක එළවළු ටික දැම්මනම් හරී..."

ටීන් ටීන්......

"කවුද??" කවුද මේ වෙලේ කුක්ද?

වෙන්න බෑ මෙච්චර ඉක්මනට, උට වෙලාවක් නෑනේ ගෙදර එන්න. ඒත් ඇයි බෙල් ගහන්නේ කුක් නම් ඒ... ඕහ් යතුර ගෙනිහින් නැතිව ඇති අද

"එනවා මේ එනවා පොඩ්ඩක් හිටාම්.."

ටීන් ටීන්...

ආයිශ් මේකා බෙල් එක උඩ නැගගෙන ගහනවා වගේ හිටාම් යකූ ගෑස් එක ඕෆ් කරලා එන්නම්.. හෝසොක් එහෙම කියලා ගෑස් එකත් ඕෆ් කරන් සාලෙට දිව්වේ දොර අරින්න...

හයියො හිටාම්..

"අදත් උබට යතුර අමතක වුනාද බන්..."

"හිටාම් මේක ඇරෙන්නෙත් නෑ මගුල..."හොබී කියවන ගමන්ම දොර ඇරියා...

"ඔන්න ඇරි...යා......."

"ඔ...ඕහ් කුක් නෙවෙයිද?"

"ආහ් කුක්?..."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now