Chapter 04

770 136 23
                                    


යීබෝගෙ උදව්වෙන් රයිස් එකට චිලි පේස්ට් එකක් වගේම මස් කරියක් එක්ක සලාදයක් හදපු මම ඒ ඔක්කොම කෑම මේසෙට දාලා උඩට ආවේ දහඩියෙන් පෙඟුනු ඇඟ හෝදගන්න හිතන් වගේම යීබෝ කබඩ් වලින් ඇද ඇද පිඟන් කෝප්ප එළියට දානගමන් හිටියා....




යීබෝගෙ උදව්වෙන් රයිස් එකට චිලි පේස්ට් එකක් වගේම මස් කරියක් එක්ක සලාදයක් හදපු මම ඒ ඔක්කොම කෑම මේසෙට දාලා උඩට ආවේ දහඩියෙන් පෙඟුනු ඇඟ හෝදගන්න හිතන් වගේම යීබෝ කබඩ් වලින් ඇද ඇද පිඟන් කෝප්ප එළියට දානගමන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"යීබෝ ප්ලීස්ස්...listen to me....මන් වැරැද්දක් කරා....මිනිස්සු අතින් වැරදි වෙනවා යීබෝ....ඒත් දැන් මන් ඒ හැම වැරද්දක්ම තේරුම් අරන් ඉන්නෙ...."

"ඉතින් මට මොකක්ද කරන්න කියන්නෙ...වැරැද්ද තේරුම් ගත්තා නම් ඉස්සරහට හොඳට ජිවත් වෙනවා ආයෙ වැරදි නොකර..."

පැයකට විතර පස්සේ ඇඟ හෝදගන නිල් බොටමට කලු අත් දිග ශර්ට් එකක් ඇදන් පහළට බහින්න පඩිපෙල ළගට ආපු මට යීබෝගෙ ඔෆිස් කාමරෙන් ඇහුනේ ලියින්ග්ගෙ වගේම යීබෝගෙ කටහඬවල් වෙද්දි මන් හෙමින් හෙමින් භාගෙට අඩවන් වෙලා තිබුන දොර ගාවට කිට්ටු වුනා....

"යීබෝ....ඔයා වෙනස් වෙලා රත්තරන්.....ඔයා ඉස්සර මගෙ හිත රිදෙන්න එක වචනයක් කීවේ නෑ....ඇයි දැන් මේ ආ..?? ඔයා මට ආදරේ නැද්ද දැන්..?? "

මට දැනුනේ මගෙ කකුල් පණ නැතිවෙලා යනවා වගේ....පපුවට අතක් තියාගත්ත මම එන්න එන ඉකිය දත්මිටි කාන් වළක්වගනිමින් ආයෙත් හොඳට ඇහුම්කන් දුන්නා...

"ඒ ඉස්සර ලියින්ග්....හැබැයි මට දැන් ජිවිතයක් තියෙනවා...මට කියලා පවුලක් ඉන්නවා.....ජාන් මගේ හස්බන්ඩ්....දැන් එයාටයි මන් ආදරේ කරන්නෙ....අතීතේ දේවල් අමතක කරලා ගොඩක් කල් මන්....."

"යීබෝ.....ඔයා මටනෙ ආදරේ කරේ....ඔයා කීවා යීබෝ...ඔයා කීවා...මැරෙනකම් මගෙ තැන කාටවත් දෙන්නත් බෑ කාටවත් ගන්නත් බෑ කියලා...එහෙනම් දැන් මේ මොකක්ද මේ යීබෝ ආ..?? මන් ඔයා වෙනුවෙන් බලන් හිටියට ඔයාට බැරිවුනාද රත්තරන් මන් වෙනුවෙන් බලන් ඉන්න....ඇයි මට මෙහෙම කලේ...ඇයි යීබෝ ඇයි...??"

The Moon belongs to The Sky - CompletedWhere stories live. Discover now