Chapter 03

772 137 41
                                    

"හෙලොව්...මන් ලියින්ග්..."

අර ලියින්ග් කියපු කෙනා අත ඉස්සරහට දාලා එයාව අඳුන්වලා දෙද්දි මාත් හිනාවෙලාම එයාට අත දුන්නා...

"ජාන් කියන්න...."

විනාඩි පහළොවක් විතර මායි ඩයිලනුයි අපිට මේ කාලේ ඇතුලත මඟැරුනු දේවල් ගැන කතා කලා වගේම ඒ කාලේ පුරාවටම ලියින්ග්ගෙ ඇස් තිබ්බේ සාලේ බිත්තියක් පුරාවට එල්ලලා තිබුන අපේ වෙඩින් ෆොටෝ වල වෙද්දි ඒ ටිකකින් යීබෝ තේ බන්දේසියකුයි කේක් බන්දේසියකුයි අරන් ඇවිත් මේස උ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විනාඩි පහළොවක් විතර මායි ඩයිලනුයි අපිට මේ කාලේ ඇතුලත මඟැරුනු දේවල් ගැන කතා කලා වගේම ඒ කාලේ පුරාවටම ලියින්ග්ගෙ ඇස් තිබ්බේ සාලේ බිත්තියක් පුරාවට එල්ලලා තිබුන අපේ වෙඩින් ෆොටෝ වල වෙද්දි ඒ ටිකකින් යීබෝ තේ බන්දේසියකුයි කේක් බන්දේසියකුයි අරන් ඇවිත් මේස උඩින් තියද්දි මන් බලාගෙන ලියින්ග්ගෙ ඇස් ගැස්සුනා වගේම ඒ ඇස් යීබෝ පස්සෙන් යනවා.....

"තේ එකක් බීලා කේක් කෑල්ලක් කමු නේ..? දවල්ටත් කාලාම.යන්...."

මන් ළගින් වාඩිවෙන ගමන් යීබෝ හිනාවෙල කියද්දි මන් මගෙ අත යීබෝගෙ බාහුවක් වටා ඔතාගත්තේ යීබෝ වෙතම තියෙන ලියින්ග්ගෙ බැල්ම නිසා දැනුනු නොරිස්සුමක් එක්ක වෙද්දි යීබෝට මාව දැනිලාද මන්දා මගෙ පැත්තට හැරුනු එයා ඇස් වලින් ඇයි කියලා ඇහුවා...

"මුකුත් නෑ...."

මන් කියන්නද...අර කටුස්සි ඔයා දිහා කන්න වගෙ බලන් ඉන්නවා මට ඒකිගෙ ඇස් උගුල්ලන්න හිතෙනවා කියලා...බෑනෙ....ඒක නිසාම මුකුත් නෑ කියපු මම බන්දේසියෙන් කේක් කෑල්ලක් අරන් ඒක දෙකට කඩලා එකක් තාමත් මන් දිහා ඇහි බැමක් උස්සන් බලන් ඉන්න යීබෝගෙ කට ඇරලා කට ඇතුලට දැම්මා...

"ඔව් ඔව්....ජාන්ගෙ කෑම කාලෙකින් කෑවේ නෑ කැම්පස් කාලේන් පස්සෙ...ඉස්සර මුලු බෝඩිමේම ලමයි අපේ දොර ඉස්සරහ මෙයා උයද්දි....සුවද වගේම තමා කෑමත්....ආයෙ හොටෙල් ලෙෆ්ට්....ලියින්ග් අපි ඉඳලා කාලා යන් නේ...ආයෙ එන්නැනේ..."

The Moon belongs to The Sky - CompletedWhere stories live. Discover now