Chapter 02

1K 148 40
                                    

" සුදු පුතා...පස් පිඬ ගානෙ දාන්න දෙන්නම..."

ඊලග දවසෙ පායපු ඉර අවරට යන්න හෝරා දෙකක් තියලා අපි හැමෝම හිටියේ ටිකෙන් ටික පහළට රූටන අපේ පුතුගෙ මීනි පෙට්ටිය ඉස්සරහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊලග දවසෙ පායපු ඉර අවරට යන්න හෝරා දෙකක් තියලා අපි හැමෝම හිටියේ ටිකෙන් ටික පහළට රූටන අපේ පුතුගෙ මීනි පෙට්ටිය ඉස්සරහ....මට හයියක් නෑ...අප්පච්චි තමා...ඒත් කොහොමද දෙයියනේ මගේ අතින් මගේම ලේ කැටිය පොළොව යටට යවන්නෙ...හැඟීම් මැරුන ඇස් වලින් මමත් මගේ උරහිසට ඔලුව තියන් ඔහේ ඒ දිහා බලන් ඉන්න එයාත් බලන් ඉද්දි මගේ අප්පච්චි වගේම එයාගෙ අප්පච්චි අතින් අපේ පැටියා අඩි හයක් කපපු වලේ හෙමින් හෙමින් පහලට යමින් හිටියෙ එයායි මායි හුස්ම හිර කරන් හිත ගල් කරන් ඒ දිහා බලන් ඉද්දි...

අපිට අඬන්නවත් කඳුලු නැති තරම්....අඬාගන්නවත් හයියක් නැති තරම්....අම්මා අප්පච්චි ඉද්දිම ඇස් අරින්නත් කලින් තමන්ගෙ දරුවා තමන් ඉස්සරහ අඩි හයක් පහලට යනව දකින්න තරම් අපි කොච්චර පව් කරලද...උඹෙ අම්මාගෙන් කිරි උගුරක් බොන්න බැරිවෙන්න තරම් මගෙ පුතේ උඹ කොච්චර පව් කරලද.....

අප්පච්චිට කියපන් පණ....දැන් ඔයාට හදපු තොටිල්ලෙ අපි කාවද නලවන්න හීන දකින්නෙ....ඉපදෙන්නත් කලින් ඔයාගෙ අනාගතෙ ගැන හීන දැක්ක අපිට හූල්ලන්න දීලා ඔයා කොහොමද ඔහොම අපිව දාලා යන්න හිත හදාගත්තේ....නෑ....ඔයා බේරෙන්න හදන්න ඇති....අම්මාගෙ බඩේ ඉඳන් ඒ විසට හුස්ම රැකන් ඉන්න හදන්න ඇති....ඒත් දෛවය ඒ හැම දේකටම හරස් වෙන්නැති...

මන් බලන් හිටියා පෙට්ටිය ගිහින් වල පතුලෙම තැන්පත් වුනා....අපේ අප්පච්චිලා දෙන්නා අපි දෙන්නාට හිසින් එන්න කියද්දි අවසිහියෙන් වගේ හිටි එයාවත් එක්කන් මන් වල ළගට ගියා වගේම අපි දෙන්නාගේ ආදරේ සලකුණ වෙච්ච මගේ ලේ කැටිය වෙච්ච...එයාගෙ කුසේ මාස හතක් පණ ගැහිච්ච අපේ පුතුගේ අවසානය වෙනුවෙන් එයාගෙ දෑතත් එකතු කරන් පස් පිඬ ගානෙ දැම්මා....

The Moon belongs to The Sky - CompletedWhere stories live. Discover now