Chapter 6

597 128 12
                                    

ජන්කුක් ඇස් වලින් ඔහේ ගලන කදුලු එක්ක සිවිලිම දිහා බලන් හිටියේ හඩාවැටෙන හදවත්තත් එක්කම . ටික වෙලාවකින් නින්ද යනව එයාටවත් නොදැනෙන්න ඇත්තේ ජන්කුක්ගේ හිතේ මහන්සියටම වෙන්න ඇති.

පසු දින ,

" ගුඩ් මෝනිම් හියුන් . ඔයා උදෙම නැගිටල වගේ "

ටේහ්‍යුන් වොශ් දාගෙන මුළුතැන්ගෙයට පිය නැගුවේ ඇග රස්නේ කරගන්න මොනවහරි බොන්න . ටේහ්‍යුන් මුළුතැන්ගෙට යන විටත් ජන්කුක් උදේ ආහාර වේල සකසමින් හිටියා .

" ආ ගුඩ් මොනිම් ටේහ්‍යුන් . තව ටිකක් වෙලා නිදාගන්න එපැයි "

ජන්කුක් ලිප ඕෆ් කරන ගමන් කිව්වා .

" බෑ හියුන් "

" මොනාද දැන් මේ බබාට ඕනි ම්ම් "

ජන්කුක් අත් දෙක සර්වියට් එකෙන් පිහදන ගමන් ඇහුවා .

" ඇග රස්නෙට මොනාහරි හියුන් . මට සීතලයි "

" අනේ ඇයි ටේ . ඔයාට අමාරුද . ඩොක්ටර් කෙනෙක් ලගට යන්න වෙයිද "

ජන්කුක් ටේ අසලට ඇවිත් නලලට අත තියන ගමන් ඇහුවා .

" අනේ කරදර එපා හියුන් . මට මෙහේ පුරුදු නෑනේ . ඒ නිසා වෙන්න ඇති . "

" ම්ම් ඔතනින් ඉදගන්නකෝ මම කිරි එකක් හදලා දෙන්නම් "

ජන්කුක් කිරි එක හදන්න පටන් ගන්න අතරේ ටේහ්‍යුන් ඉදගෙන කල්පනා ලෝකෙක අතරමන් උනා .

ඒ ඇස්.. හියුන්ගිගේ වගේමයි..

_________________________________________

සවස් යාමයෙ ජන්කුක් ඔහුගේ විලාසිතා කාමරයට පැමින නව වර්ශයට ඔහු එලි දැක්වීමට සූදානම් කිරීමට ඇති නමුත් තවමත් අඩක් පමණ නිම කර ඇති ඔහුගේ මෝස්තර පිලිබද සොයා බැලීමට පටන් ගත්තා.

උනුසුම් ගනකම කාපට් එකක් බිම ඇතිරූ ඔහු මෝස්තර රැගෙන එහි අතුරා ඔහුද පසෙකින් වාඩි උනේ අවශ්‍ය කරන සියලු උපකරණත් සමගයි .

මද වෙලාවක් මෝස්තර් නිර්මාණවලට අවධානය දු ජන්කුක්ගේ සිත මෙවර ඇදී ගියේ වයස 25 ක් පමන පිරිමි පාර්ශවයේ මෝස්තරයක් මතයි . ජන්කුක් මෙය නොවැම්බර් මාසයේ අගදි පමන නිර්මාණය කරන්නට පටන් ගත් හ . එම මෝස්තරය අතට ගත් ජන්කුක්ට මතකෙට ආවේ ටේහ්‍යුන්ව .

𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Where stories live. Discover now