"පුතා ඔයාගේ වැඩ මගහැරෙනවා නේහ්..."

"ඒවා මන් ජිමින්ගෙන් ඉල්ලම් ලියා ගන්නම් හරිනේ..."

"ඒත්...."

"ඔම්මා, මෙන්න මන් ඔයාට පලතුරු ටිකක් අරන් ආවෝ.."එක පාරටම දොරත් ඇරන් කෑගහගෙන ආවේ කවුද බලන්න මන් හැරුනා ආ මේ ජින් හියුන්ග්නේහ්..

"ආ ටේහ්යුන්ග් ඔයත් ඇවිත්නේහ්..."

"ඔව් හියුන්ග්..."

"මන් ඔම්මට පලතුරු ටිකක් ගෙනාවා මේ ටික එහෙනම් මේසෙන් තියන්නම්..."

"අයියෝ හියුන්ග්..."

"හී.. ඉතිම් ටේහ්යුන්ග් ඇවිත් ගොඩක් වෙලාද?"

"ආ නෑ හියුන්ග් දැන් විනාඩි දහයක් වගේ..."

"ම්ම්ම් ඔම්මා.. ජින් හියුන්ග් ඔම්මා ලගට ආවා..."

"ඔයා බෙහෙත් ටික බොනවා නේද වෙලාවට, මන් නර්ස් කෙනෙක්ටත් කිව්වා බලන්න කියලා..."

"ඔව් පුතේ බොනවා.."

"හොඳ ඔම්මා.. ආ ටේ ඒක නෙවෙයි ඔයා හෙට යුනී යනවා නේද?" අයියෝ ජින් හියුනුත් ඒ ප්‍රශ්නෙමයි..

"නෑ හියුන්ග් ඔම්මව බලාගන්න ඕනා..."

"ටේහ්යුන්ග් ඔම්මව මට බලාගන්න පුලුවන් ඔයාගේ ලෙක්චර්ස් කට් කරගන්න ඕන්නෑ. හෙට ඔයා යුනී යන්න ලෑස්ති වෙන්න ගෙදර ගිහින්..."

"හියුන්ග් ඒත් ඒක හරියන්නෙ නැහැ..."

"මොකක්ද හරියන්නේ නැත්තේ ආහ්හ්, ඔයා හෙට යුනී යනවා එච්චරයි නේද ඔම්මා..."

"අ..ආහ් ඔව් පුතේ යන්න ඕනේ ඔයා..."

"අනේ ඔම්මා එතකොට....." අයියො ජින් හියුන්ග් මන් දිහා ඔරවන් බලන් ඉන්නවා...

"හරි හරි යන්නම්..." මන් රවන ගමන් කියලා දැම්මා..

"හොඳ ළමයා.. මේ ටේහ්යුන්ග් ටිකක් එලියට යන්න එන්න පුළුවන්ද.."

"ආ හරි හියුන්ග්..."

"ඔම්මා එහෙනම් මම යනවා. ටේව එවන්නම් ඉක්මනින්"

"හරි පුතේ..."

ජින් හියුන්ග් පස්සෙන් මම ආවා. එයා ඇවිත් නතර වුනේ බැල්කනී එකේ...

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now