"බොරුවක් කිව්වා ටේ..."

"බොරු නෙවෙයි අනේ ඇත්ත..."

"හ්ම්ම්.. ටේ එහෙනම් දැන් ගියොත් හොඳයිනේ.."

"ම්ම්ම් ඔව් හියුන්ග්..."

"හියුන්ග්..."

"ඕ කියන්න ටේ..."

"මට සතියක විතර නිවාඩුවක් දෙන්න පුළුව....."

"ආ ටේ ඕක අහන්න ඕන්නෑ ඔයාට පුළුවන් වුන දවසක එන්නකෝ ආපහු වැඩට. මාත් එන්නම්කෝ ඔම්මව බලලා යන්න..."

"අනේ තෑන්ක්යූ හියුන්ග්..."

"අයියෝ තෑන්ක් එපා කොල්ලෝ, පරක්කු වෙන්න කලින් යන්න..."

මන් හියුන්ටත් සමු දීලා රෙස්ටුරන්ට් එකෙන් එළියට ඇවිත්. බස් එකක් එනකම් ටිකක් වෙලා බස් හෝල්ට් එකේ ඉන්න වුනා...

ටික වෙලාවකින් මන් බස් එකේ ඇවිත් හොස්පිට්ල් එක ලග බැස්සා. හොස්පිට්ල් එකේ ඇතුලටම ආපු මම බෑග් ටිකයි ඔම්මට ගත්තු කෑම ටිකයි අරන් ඔම්මගේ රූම් එකට ගියා. මන් යද්දී ඔම්මා නිදි. ගෙනාපු බඩු මේසේ උඩින් තියලා පොඩි බෝල් එකක් අරන් මන් ගෙනාපු සුප් එක ඒකට දැම්මා..

"පුතා..."

"ආ ඔම්මා ඇහුරුනාද?"

"ඔව් පුතා, කොයි වෙලේද පුතා ආවේ.."

"ආ මේ දැන් ආවා විතරයි ඔම්මා. මන් ඔම්මා ලගින් වාඩි වෙන ගමන් කිව්වා.."

"ම්ම්ම් ඔම්මා මන් ඔයාට සුප් එකක් හදන් ආවා, බොමුද දැන්?" ඔම්මා ඔලුව වැනුවම මන් මේසේ උඩ තිබ්බ සුප් බෝල් එක අරන් ඔම්මට පොවන්න ගත්තා..

"ම්ම්ම් ඇති..."

"අයියෝ ඔම්මා තවම බාගයක්වත් බිව්වේ නෑනේ..."

"මන් පස්සේ බොන්නම් පුතා දැන් ඇති.."

"හ්ම්ම්..."මන් සුප් එක මේසේ උඩින් තියලා වහලා ආපහු ඔම්මා ලගින් ඇවිත් වාඩි වුනා...

"පුතා.."

"ඕ ඔම්මා..."

"පුතා හෙට කැම්පස් යනවා නේද?"

"නෑ ඔම්මා..."

"ඒත්..."

"ඒත් නෙවෙයි ඔයා හොඳටම හොඳ වෙලා ගෙදර එක්කන් යනකම් මන් ඔම්මා ගාවින් ඉදන් ඔයාව බලාගන්නවා එච්චරයි..."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now