"ම්.. මුකුත් කියන්න එපාහ් දැන් මම දන්නවා ඔයා මට කැමතී කියලා..."

"අ...ආහ් ප්..පිස්සුද මන් ඔහෙට ක්..කැමති නෑ.... කවුද කිව්වෙ ආහ්හ් කැමතී කියලා...."

"කවුරුවත් මට කිව්වේ නෑ බබා ඔයාගේ මූණෙන්ම ඒක පේනවා.. බලන්නකෝ නිකන් චෙරි ගෙඩියක් වගේ රතු වෙලා තියෙන විදිහ...."ආහ්හ් මාව රතු වෙලාද අයියෝ.. වස ලැජ්ජාවයි...

"ක්..කොහෙද? නෑ ම්...මන් ඔහෙට ක්...කැමති නෑහ් මේ සීතලට වෙන්න ඇති...." මන් කිව්වේ අහක බලාගන්න ගමන්...

"එහෙමද හ්ම් කමක් නෑ ජිමින් තෑන්ක්ස් මාත් එක්ක ආවට එහෙනම් දැන් යමු නේහ්..." ඕහ්හ් මෙයා කිව්වේ දැන් යමු කියලද.. ඇ..ඇයි මෙයාගේ කටහඩත් වෙනස් වෙලාද අයියෝ හිත රිදුනද දන්නේ නැහැ....එයා එක පාරටම බෙන්ච් එකෙන් නැගිට්ටා.. ඇත්තටම යන්නද හදන්නේ...

"ඒහ් දැන්ම යන්නද හදන්නේ....." මම ඇහුවා...

"ඔව් ඉතින් තව ඉදලා වැඩකුත් නෑනේ අනික ඔයාට සීතලයි කියලත් කිව්වානේ යමු ඉතින් තව හිටියොත් තවත් සීතල වෙනෝ...."

"කමක් න්..නෑහ් ඔයා ඉන්නවානේහ්...."හේ ම් මන් නිකන් වගේ කිව්වා... ආහ් ම්...මන් ඒ මොකක්ද කිව්වෙ හපොයි🙊...

"ආහ් මොකක්ද කිව්වෙ...."

"න්... නෑහ් මේහ් ඔයා ඉති........"

Jimin pov end....

Suga pov...

ජිමින් දැන් කියපු දෙයින් නම් මගේ හිත හොඳටම රිදුනා. ඇත්තටම එයා මට කැමති නැද්ද එතකොට....

කමක් නෑ සුගෝ අමතක කරලා දාපන්. මම එහෙම හිතලා එතනින් නැගිට්ටේ යන්න කියලා හිතන්... මෙන්න මෙයා අහනවා දැන්ම යනවද කියලා..

හහ් දැන් මෙයාම නේහ් කිව්වේ...

"කමක් න්..නෑහ් ඔයා ඉන්නවානේහ්.. "ඒහ් එයා කිව්වේ මන් ඉන්නවා නම්....

"ආහ් මොකක්ද කිව්වෙ මට ඇහුන්නෑ...."මන් එහෙම කියලා එයාගේ මූණට ලන් වුනා. ඒහ් ඇස් එක පාරටම ලොකු වුනා පුදුමෙන් වගේ.. මන් එයාගේ මූණට තව ටිකක් ලන් වුණා..

වාහ් ඒ ලිප්ස් ලා රෝස පාටයි... මන් එයාගේ ලිප්ස් දිහා බලන ගමන් හිතුවා...

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now