chapter 6💜️

248 38 1
                                    

පහුවෙනිදා උදේන්ම නැගිටපු සේයෝන් ගිහින් කොෆී එකක් හදන් ටේබල් එකෙන් වාඩිවෙලා බොන්න ගත්තා.කෙල්ලට ඊයේ රෑ ගොඩාක් නින්ද ගිය නිසා අද නැගිටින්න ටිකක් වෙලා ගියා.කොහොමහරි අද වෙනදට වඩා වෙනස් දවසක්.මොකද සේයෝන් අද පරක්කු වෙලා නැගිටලත් ටේ තාමත් බබා කියාගෙන ආවේ නෑ.එහෙම එනවා තියා කොල්ලා පේනවත් හිටියේ නෑ.රූම් එකේ දොරත් වහලා.සේයෝන් හිතුවා ඉතින් ටේ නිදි ඇති කියලා.ඒත් කෙල්ල උදේ කෑමත් කාලා ඉවර වෙනකන් ටේ එලියට ආවේ නෑ.බැරිම තැන කෙල්ල ටේගේ කාමරේ ලගට ගිහින් දොරට පොඩි තට්ටුවක් දැම්මා

🦄ටේහියුන්,ටේහියූන්

ඒත් කිසිම සද්දයක් නැ.

🦄මේ මනුස්සයා මැරිලවත්ද?අය්යො දැන් මොකද කරන්නේ?අනේ දෙයියනේ එහෙම දෙයක්නම් වෙන්න එපා.අහ්හ්හ්හ් ඔලුවත් රිදෙනවා මොකද කරන්නේ?

සේයෝන් කල්පනා කර කර ටේගේ කාමරේ දොර ලග එහෙම මෙහෙට ඇවිද ඉදිද්දි එකපාරම මතක් වුනා extra keys ටික.කෙල්ල දුවලා ගිහින් ස්ටෝව් රූම් එකේ කබඩ් එකකින් කීය් එක අරගෙන ඇවිත් දොර ඇරිය.

🦄ඔහ්...ටේහියූන් !!!!!!!

ටේට ජිමින්ව වැහිලා.නෑ මේ මං කිව්වේ ටේ ජිමින් වෙලා කියලා 😂😂.සේයෝන් දොර ඇරගෙන යද්දී කොල්ලා වැටිලා හිටියා ඇද ලග බිම.ඒ මදිවට ඇගේ ශර්ට් එකත් නැතුව

ටේ ඉන්න විදිහ දැක්ක ගමන් සේයෝන් ගොඩක් බයවුනා.ඉක්මනට දුවලා ටේ ලගට ගිය කෙල්ල ටේගේ අත තියන්න ගිහින් ආපහු අත්දෙක අකුල ගත්තා.

🦄අහ්හ්හ්හ් මේ මනුස්සයා ඉන්න කැත.ඇදුමක්වත් නෑ.අල්ලන්නත් මොකක්ද වගේ?

සේයෝන් මෙහෙම ටික වෙලාවක් හිතලා ඕන මගුලක් කියලා ටේගේ ඇගෙන් අල්ලලා කොල්ලගේ මූන පේන විදිහට හරවගත්තා.හරවගෙන ටේගේ මූනට තට්ටුවක් දැම්මා

🦄ටේහියුන්,ටේහියූන් කතා කරන්නකෝ

සේයෝන් ටේගේ ඇගත් හොල්ලන ගමන් කතාකලත් ටේ නැගිට්ටේ නෑ.මේ වෙලේ සේයෝන්ට මතක් වුනා ඊයේ ටේට කියපු දේවල්.

Seyeon's pov

මෙයාට මං ඊයේ අරම කතාකරපු නිසා ද දන්නෑ ෆේන්ට් වුනේ?මාත් තරහට මොනවා කිව්වද දන්නෑ.පව් මෙයාට දුක හිතෙන්නැති.ඒත් දැන් මං මොකද කරන්නේ?

Replacement [KTH FF] 🔞Where stories live. Discover now