"ඕහ් ටේහ්යුන්ග්....." ටේ ඒ ගමන බැලුවේ එයාගේ නම කිව්ව අනිත් කෙනා කවුද කියලා. එතකොට තමයි ටේ දැක්කේ එතන එහා පැත්තේ ඉස්සරහ ඉන්න ජින්ව...

" ආහ් මේ ජ්....ජින් හියුන්ග් නේද?."

"ඔව් ඔව්.... ඉතින් කොහොමද.. ඒයි කුක් ඔය දෙන්නට වාඩි වෙන්න දෙනවා.." ජින් එහෙම කිව්වම ජිමින් ගිහින් ජින්ගේ එහා පැත්තෙ තිබුන පුටුවෙන් වාඩි වුනා. තව ඉතුරු වෙලා තිබුනේ ජන්කුක්ගේ එහා පැත්තේ තිබ්බ පුටුව විතරයි ඉතින් ටේහ්යුන්ග්ට සිද්ධ වුනා අකමැත්තෙන් හරි ගිහින් එතනින් වාඩි වෙන්න...

"ම්ම්ම් ටේහ්යුන්ග් ජිමින් ඔය දෙන්නා මොනවද බොන්නේ..." ජන්කුක් ඇහුවේ ටේහ්යුන්ග් දිහා බලාගෙනමයි...

"ආහ් ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක්... "ටේ කිව්වේ ගත් කටටමයි....

"ඕහ් හරි ජිමින් ඔයාට?..."

"ආහ් මටත් ඒවම හොඳයි..." ජිමින් කිව්වම ජන්කුක් එතන හිටපු වේටර් කෙනෙක්ට අඩගහලා ඒ ඕඩර් එක දුන්නා. ටික වෙලාවකට පස්සෙ එයාලා ඕඩර් කරපු ඒවා වේටර් ගෙනත් දුන්නා. ටේහ්යුන්ග් පැනපු ගමන් එයාගේ ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එක ගත්තා. ජන්කුක්, ජිනුයි නම් ටේ දිහා කන්න වගේ බලන් හිටියා. ජිමින් ඒ දෙන්නා දිහා බලලා හිනා වුනා. ඒ එයාගේ යාලුවගේ හැටි දන්න නිසා.

"ආහ්...ම් මේ ටේහ්යුන්ග් ඔයාට ගොඩක් ස්තූතියි මගේ පණිවිඩේට ඔයා ආවට... "ජින් එහෙම කිව්වම ටේ පුදුමෙන් ජිමිනගෙ මූණයි ජන්කුක්ගේ මූණයි බැලුවා...

"ආහ් හියුන්ග්ද එන්න කිව්වේ?"

"ආහ් ඔව් ටේහ්යුන්ග්, මම ජිමින්ට කතා කරලා කිව්වේ ඔයාට එක පාරටම මම එන්න කිව්වයින් පස්සේ ඔයා කැමති වෙන එකක් නෑ කියලා ජිමින්ට කිව්වේ..." ජන්කුක් පැන්න ගමන් කියවන් ගියා...

"ඕ හරි හියුන්ග් ඉතින් ඇයි හදිස්සියෙන්ම එන්න කිව්වේ.."

"ම්ම්ම් ටේහ්යුන්ග් ඔයාගේ ඔම්මා එයා ගැන කතා කරන්න"

"ආහ්?? "

" ටේහ්යුන්ග් ඔයාගේ ඔම්මා අසනීපෙන් ඉන්නේ කියලා ඔයා මට කිව්වා. "අනික මන් ඔයාට කිව්වා මන් වැඩ කරන හොස්පිට්ල් එකට එන්න කියලා.

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now